“ඔන්න
ඔහොමයි මං U.N.P. මධ්‍යම බලමණ්ඩලයේ මහා ලේකම් තනතුරට පත් කර ගන්නට පාර පෑදුණේ.”
“ඇයි ඒකෙ ගැහැණු එහෙම හිටියෙ නැද්ද?” කට
පොපියවමින් කල් මැරූ මිලිනා එසේ ප්‍රශ්න
කළා.
“මොකෝ නැත්තේ ගැහැණුන් කෙල්ලන් දෙතුන් සීයක් නියෝජනය කළ කාන්තා බල
මණ්ඩලයකුත් හැදුවා. සඟ, වෙද, ගුරු, වැඩිහිටි අනුග්‍රාහක වශයෙන්
වෙනම සංවිධානය ගොඩ නැගුවා. අද බලන්නට රාජ්‍ය පාලනයන් හැම රැස්වීමක ම කියාගෙන යන්නේ
එකම දෙය. උතුරට කියන දේම දකුණටත් නැගෙනහිරටත් බස්නාහිරටත් මැදටත් ඔහේ කියනවා. අළුත්
දෙයක් - අළුත් අදහසක් නෑ. සමහර විට ඒ කියන ඒවා ප්‍රතිපාක්ෂිකයන් පාරාවළළු කර
ගන්නවා. මං කළේ එහෙම නො වෙයි; ඒ ඒ ගමට ප්‍රදේශයට
බලපාන අත්‍යවශ්‍ය දේවල් සංවිධාන වලින් අරගෙන අපේක්ෂකයාට දෙනවා අහවල් තැන මේ ගැනයි
කතා කළ යුත්තේ. ඒවට පිළියම් යොදන්නේ මෙහෙමයි කියල. ඉතින් අහගෙන ඉන්න අය කල්පනා
කරණවා ‘ගමේ ඕනෑ එපාකම් ගැන මුන්නැහේ දන්නා තරමක්!’ කියල. අවසානයේදී මා ගුරුවරයෙකු
බවත් නමින් විපුලසේන බවත් හඳුන්වා දුන්නා. සභාපති වරයා තම නිවසට යාමට සැරසී,
පසු දින ඔහුගේ නිවසේ දී හමුවන්නැයි කීවා.”
“දන්නා හැදුනුම් කමක් නැතිව ඔය වගේ තනතුරක් දුන්නා ද?” මම ඇසීමි.
“ඒක මෙහෙමයි, ’70
දශකයේ මුල ක්‍රියාකාරි දේශපාලනයට තබා හයියෙන් වත් වචනයක් කියන්නටත් බැරුව මිනිසුන්
බයේ හිටියේ. ප්‍රසිද්ධ සභාවකදී බියෙන් සැකයෙන් තොරව ජයග්‍රහණයට සුදුසු යෝජනා ඇතිව
කතා කළාම මොන මෝඩයාද එහෙම අයෙකු ප්‍රතික්ෂේප කරන්නෙ?”
“කට
ඇති පුතත් රුව ඇති දුවත් සම්පතක් කියල කියන්නෙ ඒක නේද ධර්මෙ අයියා?” ඒ මිලිනා.
“ඒකනෙ ඔයා පස්සෙ විපුලෙ එන්නෙ. ඔය පුප්පන්නෙ ගොරවන්නෙ බොරුවට.”
“ඇත්ත ද?”
“ඒක එයාගෙන්ම අහ ගන්නවා”
“මට මතක හැටියට ඔය සිද්ධියෙන් පස්සෙ සතියක්වත් ගියේ නෑ, දැම්මා හැත්ක්ම 15 ක් එපිට පාසලකට. අද වගේ යාන වාහන නෑ. එක ම වාහනය බයිසිකලේ. උදේ හවස
පැද්දා වැවගම පාසලට.”