“ප්‍රධාන
පාරේ හැතැක්ම හයයි. අතුරු මාර්ගයේ නවයයි. වලවල් ගොඩැළි එමට. උදේට අලි මාරුවෙන
කපොලු තුනක් පහු කරන්ට ඕනෑ. මිනිස් පුලුටක් දක්නට නැති කොටසකුත් තිබුණා. ගෙදරින්
පිටත් වෙන්නේ හයට; දවල්ටයි උදේටයි දෙකට ම එක් බත් මුලයි. එය කන්නේ දහයට. රෑට කනකල්
කෑම එච්චරයි.
කොට
කලිසමක් ඇඳ තමයි පාසල් යන්නේ. පාරේ ඉන්න අය දන්නෙ නෑ මෙයා ගුරුවරයෙක් කියල. පාසල
අසල ගෙදරකට ගොස් ඇඳුම මාරු කරණවා. හවසටත් කළේ ඒකමයි. බොහෝ දවස් වල ඒ නිවැසියන්ගෙන්
තේ එහෙම ලැබුණා.”
“ඉතින් ඒ ගෙදර හිටියෙ නැද්ද ඇහැට කණට පෙනෙන ගෑණු කෙනෙක් එහෙම?” මිලිනා විමසයි.
“මෙකෝ නැත්තෙ කැලෑමල් තියෙන්නෙ ගම් වල. ඒවා නැවුම් - පිරිසිදුයි. හිතුව
ද දුටු දුටු එකා පස්සෙ වැටෙන බඩ කඩිත්තු ගම් වල ඉන්නවා කියල?”
“ඔන්න බලන්නකො ධර්මෙ අයියේ, එන්නෙම
වලියට”
“ඔයත් අතුරු ප්‍රශ්න අහන්නෙ නැතිව කරබාගෙන ඉන්ට කෝ” මම කියමි.
“නෑ අය්යෙ මට මෙයා ගැන හරි ඊරිසියාවක් ඇති වෙනවා.”
“එහෙනම් හදවතින් නොවෙයි බොක්කෙන්මයි ආදරය.”
“බලාපල්ලා තියෙන මෝඩ කමේ මහත” එසේ කීවේ විපුලේ.
ඒ සමගම ඔහු කතාව පටන් ගත්තා.
රාත්‍රියේ
ආසනය සංවිධානය කළ යුතු ආකාරය ගැන සටහනක් හැදුවා. ඒ සඳහා ආසනයේ බල ප්‍රදේශයේ
සිතියමක් ඇන්දා.
එක
අන්තයක සිට අනෙක් අන්තයට සැතපුම් හතළිහක් පමණ තිබුණා. වර්ග ප්‍රමාණය වර්ග සැතපුම් 1600 ක්. පොදු වාහන ගමන් කරණ මහාමාර්ග වල දිග සැතපුම් අසූවයි. ඉතිරි කොටස
කරත්ත පාරවල්. අද වගේ දුරකථන පහසුකම් නෑ. තැපල් කාර්යාල කීපයකටත් රාජ්‍ය ආයතන
කීපයකටත් ප්‍රධාන වෙළඳ ව්‍යාපාරිකයන් කීපදෙනෙකුටත් පමණයි දුරකථන තිබුණෙ. විදුලිය
පණිවුඩ හැර වෙනත් පහසුකම් නෑ. ඒවාත් ලබා ගැනීම හරිම දුෂ්කරයි. සම්බන්ධතාව ලබා ගත
යුත්තේ අනුරාධපුරය හරහා. උදේ භාර දෙන විදුලිය පුවත එක්කෝ හවස නැත්නම් පසුව
දා තමයි ලැබිය යුත්තාට ලැබෙන්නේ. වාහනත් තිබුණේ නගරයේ කීපයක් විතරයි. ගම්වලට වාහන
නෑ. යටත් පිරිසෙන් යතුරු පැදියක්වත්;
පාපැදිය තමා හැතැප්ම 15ක් 20ක් යන්නට තිබුණ එකම වාහනය. දැනට අවුරුදු 45 ක
පමණ එහා අතීතයක් කියන්නේ බව හිතා ගන්න.