325. මරු විදුහල්පති | සත්‍ය කතාවක්

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


මතකයේ හැටියට ගම්මාන 163 ක් පමණ තිබුණා. ඇතැම් ගම්වල ගෙවල් 15ක් 20ක් පමණයි. මේ සියල්ලක්ම අවධානයට ගෙන ක්‍රියාකාරී සැලැස්ම හැදුවා.

01.   ගම්මට්ටමේ සිටින පක්ෂයේ පුරෝගාමීන් ගේ ලේඛනය අනුව ඔවුන්ගේ මූලිකත්වයෙන් ගම්වැසියන් දැනුම්වත් කර ශාඛා සමිතියක් පිහිටුවීම.

                 I.   ශාඛා සමිතියේ අනුග්‍රහයෙන් සඟ, වෙද, ගුරු, ඇතුළු විශේෂ පිරිසගේ ලේඛනයක් ලබා ගැනීම.

02.   ශාඛා සමිතියේ ලේකම් සභාපති ඇතුළු නිලධරයන් රැස්කරවා ප්‍රාදේශිය බලමණ්ඩල පිහිටු  වීම.

                 I.   විශේෂිත පුද්ගලයන්ගේ සහභාගීත්වයෙන් අනුශාසක හා උපදේශක සභා සකස් කිරීම.

03.   ප්‍රාදේශීය බලමණ්ඩලවල ක්‍රියා කාරින්ගෙන් මධ්‍යම බලමණ්ඩලය ස්ථාපිත කිරීම.

04.   මධ්‍යම බල මණ්ඩලය මගින් සමස්ත ආසනය පුරා දේශපාලනික, සමාජ ආර්ථික, හා ආගමික වැඩ සටහන් සැකසීම ක්‍රියාත්මක කැරවීම හා අධීක්ෂණය.

මැතිවරණ ආසන වල මණ්ඩල සිතියමෙහි ප්‍රාදේශීය බල මණ්ඩල 5 ක් යෝජනා කළා. එයට අයත් ගම්මාන ඇතුළත් කළා. එපමණක් ද නොව තෝරා ගත යුතු නිලධරයන්ගේ සුදුසු කම් ද දැක්වුවා.

1.       වයසින් අවුරුදු 20 ඉක්මවීම.

2.       අටවැනි ශ්‍රේණිය හෝ සමත් වීම.

3.       ගමේ ජනප්‍රිය පුද්ගලයෙකු වීම.

4.       නිදහස් ජීවිතයක් ගත කරන්නෙකු වීම.

5.       පක්ෂයේ ක්‍රියාකාරී වැඩ සටහන් වලට උපරිමයෙන් සහභාගී විය හැකි විම හෝ තමන් වෙනුවෙන් කෙනෙකු ඉදිරිපත් කරන්නට හැකියාව.

6.       පාපැදියටක් තිබීම.

7.       තමන්ගේ ජීවන වියදම් දරා ගන්නට හැකි වීම.

අද ඡන්ද දායකයාගෙන් බෝතල් - කෑම - ගමන් වලට - වාහන වලට අමතරව, දවසේ සෙසු වියදම් වලට මුදලකුත් ලැබෙනවා. අපි ඡන්ද කළේ අපේක්ෂකයාගේ වහලුන් වශයෙන් නො වෙයි. ගම් ගානේ ඇවිදින අය පවා ගෙදරින් බත් මුලක් ගෙන යා යුතුයි. සෙසු වියදම් තමන් ම දරා ගන්ට ඕනෑ. ඉදිරියේ දි කිව යුත්තක් මෙතැන දී ම කියන්නම්. මං මහලේකම් තනතුරේ අවුරුදු හතක් කටයුතු කළා. ඒ කාලය තුළ අපේක්ෂකයාගේ ගෙදරින් දවසක් උදේට කිරිබත් කා තේ බීවා; තවත් දවසක් දවල්ට කෑම කෑවා. හැබැයි සාකච්ඡා වගේ අවස්ථාවල පොදුවේ ලැබුණ තේ විස්සක් විසිපහක් හෝ ඊට වැඩි ගණනක් බොන්ට ඇති. කොළපාට පසු බිමක අලියා ලකුණු මුද්‍රණය කළ කමිස දෙකක් ලැබුණා, ඒකත් අපේක්ෂකයාට හිර නිසා. ඉතින් පසුවදා හවස ගියා ගෙදර සිට සැතපුම් දෙකකට එපිටින් තිබුණ අපේක්ෂකයාගේ ගෙදර. ‘එන්ට ගුරුතුමායි’ කියමින් ඔහු මාව ගරු සරු ලෙස පිළිගත්තා.

 



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll