“විපුලෙ ඔයාගෙ රස්සාවටත් දෙවැනි තැන දීල දේශපාලනය කළා. පඩි රහිත නිවාඩු 64 ක්. දවස තිස්සේ පස්ස පැත්තෙ කරගැට එනකල් බයිසිකල් පැදල ආණ්ඩුවක් හදා
ගත්තා. ඒක හැදිල තුන්මාසයක් ගියා තවම පහසු තැනකට මාරුවක් ගන්ට බැරිවුණාද?”
එසේ
මගෙන් ඇසුවේ වැවගම මහ විදුහලේ විදුහල්පති. දිය යුතු උත්තරයක් සොයා ගන්නට
නැතිව මං අසරණ වුණා. එතෙක් දේශපාලන භූමිකාව තුළ නො දක්නා ලද විශාල පිරිසක්
කාර්යාලවලට පාසල්වලට ස්ථාන මාරු ලබාගෙන පැමිණියා. දෙතුන් වතාවක් මන්ත්‍රී කාර්යාලය
පැත්තේ ගියත් මන්ත්‍රී හමුවෙන්නට බැරි වුණා. ආරක්ෂාවට සිටි අය අංක පිළිවෙළට පෝලිමේ
එන්ට කියා නියෝග කළා. දවසක් බලන්ටත් එක්ක පෝලිමේ සිට මන්ත්‍රී හමුවෙන්ට කාර්යාලයට
ඇතුළු වුණා. නො දුටු මුහුණු තමා ලිපිකරු
යතුරු ලියන සේවාවල යෙදුනෙ.
“හා මහ ලේකම්, බොහොම කාලකින් දැක්කෙ” ඒ මන්ත්‍රී මාව හඳුනා ගත් බවට සළකුණකි.
“උදේ යනව හවස එනව - දැන්නම් බයිසිකල් පදින්ටත් අමාරු පාටයි”
“ඇයි තවමත් ඉන්නෙ වැවගම ද?”
“ඔව් නෙ.”
ඔහු
බොහෝ වේලාවක් නළලත ඇඟිල්ලෙන් ඉරි අඳිමින් සිට, එහි සිටියෙකුට “ගන්නවා කෝල් එකක් D.E.
ට” කීවා. D.E. සමඟ කළ සාකාච්ඡාවෙන් පසු මාව නගරයේ පෙර සිටි පාසලට මාරු කළා. පුරා අවුරුදු
පහක් දේශපාලනය කිරීමෙන් ලබා ගත් ලාබය ඔච්චර තමා.
නගරයේ
ආසන්න පාසැලකට පැමිණීම විශාල කරදරයක් බවට පත් වෙන්ට වැඩි කාලයක් ගියේ නෑ. පාසැලේ
කටයුතු පසෙක ලා දිනපතා මා හමුවීමට ආ අයගේ දුක් ගැනවිලි අසන්නට සිදුවීම තමා හේතුව.
සමහරෙකුගේ චෝදනාව වූයේ ආසනයෙන් පිට ඈත පළාත් වලින් ආ අයට පත් වීම් දීමයි. ගමේ
පළාතේ අය ගැන නො සැලකීම ඔවුන්ගේ උදහසට හේතුවක්. තමන් දේශපාලනය කළේ මා ගැන
බලාපොරොත්තු වෙන් බවත් ඒ ගැන නො සලකා සිටීම බලවත් වරදක් බව ඔවුන් පෙන්වා දුන්නා.
මං පත්ව ඇති අසරණ කම ගැන කියන්නට කිසිවෙකු හිටියේ නෑ. එය බලවත් මානසික වදයක් බවට
පත් වුණා.
ඔය
අතරේ විදුහලේ නේවාසිකාගාර හැදිමේ ව්‍යාපෘතියක් ආරම්භ වුණා. එහි බදාම ඇනූ තරුණයෙකු
මට කියා සිටියා බිත්ති බඳින්නට සිමෙන්ති යොදන්නේ 15:1
අනුපාතයට බව. ගුරුමණ්ඩලයේ දෙතුන් දෙනෙකු සමග වැඩබිමට ගියේ සිද්ධිය ඇත්තදැයි
දැනගන්ට. ගඩොල් බැදි බදාම අතින් සීරුවා. සර සර ගා වැලි බිමට වැටුණා. තන මතක් උසට
බැද තිබුණ බිත්තියට පයින් ඇන්නා; බිත්තිය බිම. වටේට බැද තිබුණ බිත්තිවලටත් කළේ ඒ
දේමයි. බාස්ලා බලාගෙන හිටියා. ගිහින් කොන්ත්‍රාත් කාරයට කියනවා හරියට වැඩේ කරන්ට
නැත්නම් හදන හදන බිත්ති මං කඩනවා” බාස්ලා ලඹ, මේසන් හැදි ඇතුළු ආයුධ එක් කරගෙන ගියා යන්ට.
“ඉතින් ඇයි එහෙම කැඩුවෙ?”
“නො කඩා මොනව කරන්න ද?” ඉස්සර ආණ්ඩු කරපු එවුන්
කළේත් ඔය වැඩේ. ඒවට විරුද්ධව නෙ අපි කතා කළේ. ඒ දේම සිද්ධවෙනවා නම් ආණ්ඩුවක් මාරු
කරපු එකේ පලේ මොකක් ද?”
පැයක්
ගියේ නෑ. මන්ත්‍රීගෙන් කෝල් එකක් ආවා විදුහල්පතිට වහාම මාව එවන්න කියා මන්ත්‍රී
කාර්යාලයට. මං ගියා.
“තමුසෙ ගුරුවරයෙක් ද ඉන්ජිනේරුවෙක්ද?” එහෙම
ඇසුවේ අප පත්කර ගත් මන්ත්‍රී.