“මං ගුරුවරයෙක් ඇයි එහෙම අහන්නෙ?”
“ස්කෝලෙ බාස්ලා හදපු බිත්ති පෙරළුවා කියන්නෙ?”
“ඔව් පෙරළුවා, ගියොත් බලා ගන්ට පුළුවන්. කොහොමද
බාස්ලා බිත්ති බැදලා තියෙන්නෙ සිමෙන්ති එකට වැලි පහළොවයි.”
“ඇත්තද මේ කියන්නෙ?” බාස්ලාගෙ මුහුණු බලා මන්ත්‍රී
ඇසුවා. ඔවුන් ගොළුවන් බිහිරන් වගේ සිටියා.
“කමක් නෑ යනවා.” මන්ත්‍රී කීවා.
කාර්යාලයෙන්
පිටවී එන විට මාත් සමඟ දේශපාලනයේ නියැළුණ වැදගත් හිතවතෙකු මා පසු පසින් ආවා.
“මහලේකම් තුමා ඕව ගණං ගන්ට එපා. ඕක ලොක්කගෙ කොන්තරාත් එකක්. කරවන්නෙ
පාසැල් ගොඩනැගිලි පරීක්ෂක වරයා.”
“මං දන්නවා අයියා මං දන්නවා. ඒක හින්දම තමයි බිත්ති කැඩුවෙ. දැන් මෙහෙම
නං තව කල් යනකොට කොහොම කරයිද?”
“ඉතිං ඔයාට අයිති නැති වැඩක්නෙ කරල තියෙන්නෙ?” ඒ
මිලිනාගේ අදහසයි.
“කොහොමද මනුස්සයෝ අයිති නැති වෙන්නෙ?” අවුරුදු
හතරක් දුක් විඳල හදාගත්ත ආණ්ඩුව. කප්පරක් බලාපොරොත්තු ඇතිව පත් කර ගත් මන්ත්‍රී.
ගම්වල කොල්ලන් කෙල්ලන් උන්ගෙන් වතුර උගුරක්වත් බීල නො වෙයි දේශපාලනේ කළේ. මං මගේ
ගෙදර එකෙකු නවත්වා ගත්තා. ඌ හොඳ කථිකයා. මං නිකන් ම බත් කනකොට ඌට බිත්තරයක් තම්බලා
දුන්නා. ඒ ඔක්කෝම කළේ යහපත් පාලනයක් බලාපොරොත්තුවෙන් නෙ. අනික දහදුක් විඳපු කොල්ලො
කෙල්ලො ගැන නො බලා පැත්ත පලාතෙ වත් නැති එවුන්ට නොයෙක් පත්වීම්. මහවැලියෙ කොන්ත්‍රාත්
කාරයෝ ආනයනය කරපු එවුන්. මහවැලියෙන් බෙදපු ඉඩම් වැඩි හරියක් ගියේ ටවුමෙ වෙළදුන්ට,
පිට ප්‍රදේශවලින් පැමිණ සිට රජයේ නිළධරයන්ට, පොලීසියට. කප
පායපු දා ඉඳල දුක් කන්දරාවක් විඳගෙන හිටිය ගම්වල මින්සුන්ට නෑ. පාරම්පරික උදවිය
අනුන්ගේ කුඹුරු කොටනවා. අලුතෙන් ආ මහවැලි ඉඩම් ලාභීන්ගේ කුලී කරුවන් වෙලා. අද වෙන
කොට එදා මහවැලි ඉඩම් ගත් අය ඒවා ලක්ෂ ගණනින් විකුණලා පළාතෙත් නෑ. ඔය ප්‍රසිද්ධියේ
කිව හැකි කරුණු කීපයක් පමණයි.
“ඒවා ගැන අනිත් අය කතා කළේ නැද්ද?”
“මොන කතා ද?” එදා කරළියේ හිටිය එකෙකු ගැනවත්
කිසි දෙයක් දැන ගන්ට නෑ. හේතුව දෙමළ කෝලාහලය පිටින් යන්ට කාර්යාලයටත් ගිනි තියල දැම්මා.”
“මහ අපරාධයක්නෙ?”