330. මරු විදුහල්පති | සත්‍ය කතාවක්

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


ඔව් ඒවාට සම්බන්ධ හැම එකෙකුම වළ පල්ලට ගියේ දහ දුක් විඳලා. නීතියෙන් නැතත් ස්වභාව ධර්මයෙන් දිය යුතු දඩුවම් ලැබෙනවා

දේශපාලනයේ හැටි ඔහොම තමා. උන් කැමති නෑ තවත් එකෙක් ඉහළට නගිනවට. හේතුව උන් බයයි උන්ට කෙළවෙයි කියල නැත්නම් උන්ගෙ දරුවන්ට තැන නැති වෙයි කියල. පක්ෂය කෝක වුණත් වැඩක් කරණ දක්ෂයාට තැනක් දෙන්නත් නෑ ලැබෙන්නෙත් තෑ. පිනට කහින කේළම් කියන වැසිකිලියට වතුර බාල්දිය ගිහින් දෙන නෝන හාමුලාට කඩේ යන බේබි හාමුලා පාසල් අරන් යන අය තමයි ළං කර ගන්නෙ. ඇයි උන්ට ඕනෑ වෙලාවක පයින් ගහල එලවගන්ට පුවන්නේ.යි මාත් විපුලෙගෙ මනස්තාපය සමහන් කරන්නට කරුණු කීපයක් පැවසුවා.

ඔය කාලෙ වෙනකොට මං දවසහා දිවයිනපත්‍රවල වාර්තා කරුවෙකු ලෙස වැඩ කළා. ඒ ප්‍රදේශයේ අඩුපාඩු ඕනෑ එපාකම් ගැන බලධරයන්ගේ ඇස් අරවන්නට ඕනෑ නිසා. මගේ වාර්තාවල වැඩි හරියක් ලියැවුණේ අක්‍රමිකතා ගැන. දවසක් තුනපහ ගන්න කඩයකට ගියා. මුලාලි මුස්ලිම්; ඔහු බොහොම හෙමින් සීරුවෙ කතාවක් කීවා.

මා ලේකම් මාතියා හරි වැඩේ අප්පා. අර .... එවිල්ලා යේක මෙඩම් ගේන්ට කීවා කියල බඩු තමයි අරන් යනවා සල්ලි නේ. ඊයෙ පරිප්පු කිලෝ තුනක් තමයි අරන් ගියා. යේක හෙමදාම මේම කොරන්ට පුලුවන්ද අප්පා

මන්ත්‍රී හෝ මන්ත්‍රීගේ බිරිඳ ඒ වගේ පහත් වැඩක් නො කරණ බව මට විශ්වාසයි. මට ඕන වුණා මේ සිද්ධිය පත්තරේට ලියල මන්ත්‍රී ලවා පරීක්ෂණයක් කරල වරද කළ තැනැත්තාට දඬුවමක් දෙන්ට. ඒ නිසා මෙහෙම ලිව්වා.

මෙම ප්‍රදේශයේ දේශපාලනයට සම්බන්ධ එක්තරා පුද්ගලයෙක් නගරයේ වෙළඳ සැල්වලින් බලහත්කාර කමෙන් පරිප්පු රැස් කිරීමේ සිද්ධියක් වාර්තා වේ. මෙම පරිප්පු ගෙන යන්නේ මැඩම්ගේ අවශ්‍යතාවට බව ඔහු පවසන්නේ යැයි නගරයේ වෙළෙන්දෝ කියති.

මෙම පරිප්පු ජාවාරම කරන්නේ ඔහුගේ ම අවශ්‍යතාවට බවත් මැඩම් කෙනෙකුට පරිප්පු නො ලැබෙන බවත් දැන ගන්නට ඇත.

මෙම කෙටි වාර්තාවට යොදා තිබුණේ මැඩම්ට පරිප්පුයන සිරස්තලයයි. වාර්තාව කියවා තේරුම් ගන්නටවත් බුද්ධියක් නැති දේශපාලකයා මාත් එක්ක නයි වෛරයක් බැඳ ගත්තා.

ශ්‍රී.ල.නි.ප.යට වැඩ කළ අයෙකු සිටියා විපුලරත්න නමින් ඔහු යම් යම් සිද්ධි ගැන පුවත්පත් වලට ලිපි සැපයුවා. දේශපාලන අධිකාරිය මඟින් කෙරුණ නොපණත් කම් අළලා ඔහු දිවයිනපුවත් පතට ලිපියක් ලියා තිබුණා. මෙය දුටු ගමන්ම මන්ත්‍රී සැතපුම් 80 කටත් එපිට පාසැලකට මාව මාරු කළා. එම මාරුව ගැන දිවයිනට දැනුම් දුන් පසු ඉරිදා සංග්‍රහයේ පළමුවැනි පිටුවේම වාර්තා කළා. “විපුලසේන කළ වරදට විපුලසේනට දඬුවම්” කියා.

මේ කරුණු කාරණාවලින් පස්සෙ මං එක දෙයක් තේරුම් ගත්ත. “තමන්ගේ ගම් ප්‍රදේශයේ උපන් අහිගුණ්ඨිකයෙකුට වුවත් ඡන්දය දුන්නට කමක් නෑ, පිටතින් පැමිණෙන පාදඩයන්ට ඡන්දය නො දී කියල.

 



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll