නාහෙට
නහන නිතරම ඇර ගන්නට බලා සිටින කිසිවිටක බියක් සැකක් නැති අප්‍රසිද්ධ මිනී මරුවෙකු
වශයෙන් මැදවච්චිය, කැබිතිගොල්ලැව, පදවිය, හොරව්පතාන, කහටගස් දිගිලිය, මිහින්තලේ වැනි ප්‍රදේශවල ගුරුවරුන් හා විදුහල්පති වරුන් අතරේ මං ගැන ප්‍රචාරයක්
ගියා. ඒ වන විට හිස් රැවුල් පවා වවාගෙන සිටි මා දෙස යමෙකු එක් වරක් බැලුවොත්
දෙවරක් නො බැලූ සෙයක් දුටුවා. යම් යම් සිද්ධි ගැන මා සමඟ කතා කරන්නන් හමුවේ කියා
සිටියේ ‘හත් අට දෙනෙක් බාවලා යනවා හිරේ’ වගේ බිය ගෙන දෙන වචන.
අලුතෙන්
මාරු කරලා තියෙන්නේ ඇල්ලෙවැව පාසැලට. එකටත් ගමන් වියදම් රහිතව තිබුණ නිසා
ගියා අධ්‍යාපන කන්තෝරුවට. E.O. මා දුටු ගමන්ම විපුලසේන මහත්තයා වාඩිවෙන්නට
කියා ගරු සරුව පිළිගත්තා.
මගේ
අතේ තිබුණ ස්ථාන මාරු ලිපිය ඔහු ඉදිරියට දැමිමා. එය බැලු ඔහු,
“ආයෙත් ස්ථාන මාරුවක් නේ ද?”
“ඇයි ඔය ලියුමට අත්සන් කළේ මොකක් කියල හිතාගෙන ද? කියවලා බැලුවෙ නැද්ද?”
“අනේ මහත්තයෝ අපි අසරණයි. උන් කියන කියන පදේට අපි නටන්ට ඕනෑ.”
“ඇයි නටන්නෙ?” මේ ස්ථාන මාරුව කරන්ට මන්ත්‍රී
ලියුමක් එව්ව ද?”
“නෑ පෝන් එකෙන් කීවෙ.”
“ඔන්න කරගන්ත වැරැද්ද. ඒකට ප්‍රතික්‍රියාවක් දක්වන්න තිබුණා. ‘ලිඛිතව
එවන්ට, එහෙම නැතිනම් කොළඹ අමාත්‍යංශයෙන් ඕඩරයක් ගන්න’ කියල. අනික ඒ මිනිහා කීවේ
නෑනෙ මාව ඇල්ලේ වැවට දාන්න කියල. අල්ලපු ආසන තියනවා; ඒවයෙ ස්කෝල තියනවා.
එහෙම නැතිව මන්ත්‍රීගෙ හොඳ හිත ගන්ට හැතැක්ම 80 කට එහා
මාව යැවුවා. මගෙන් අමු සිංහල කියැවෙන්ට ඉස්සරවෙලා ගමන් වියදම් සහිත ස්ථාන මාරුවක්
කියල ලියල දුන්නොත් හොඳයි.”
“මේකයි මහත්තයෝ, මහත්තයට තියෙන දුෂ්කරතාවයන් ලියල ගමන් වියදම් සහිතව
ස්ථාන මාරුව දෙන්ට කියල අභියාචනයක් ලියල දෙන්ටකෝ.”
ඉඳගෙන
සිටි පුටුව වීසි වෙන්නට නැගී සිටියා. “මං තමුසෙට කීවා හොඳින්.
තමුසෙලා එක එකාට පක්කලි කම් කරනවා මදිවට අපිත් කරන්ට ඕනැ ද?” තමුසෙලා ම ගොන් පස් අල්ල ගන්නවා. පැය බාගයක් කල් දෙනවා ලියුම
හදලා තියන්ට ඕනෑ.”
“පූජංච පූජනීයානං” තමයි දහමේ එන්නේ. පිදිය
යුත්තන්ටයි පිදිය යුත්තේ. ‘ශ්‍රීමත් ජනාධිපති උතුමාණන්’ කියල ව්‍යවහාර කළ යුත්තේ
එක්කෝ රාජ්‍ය නිවේදනයකට නැතිනම් විදේශයන් සමග කෙරෙණ කිසියම් සිද්ධියක්
වෙනුවෙන්. මේක එහෙමයැ. අප්පා බොහෝ ජනමාධ්‍ය
පාෂාණ්ඩයන් වචනයක් වචනයක් පාසා ශ්‍රීමත් කම අටවනවා. මට නම් ඒ වචනය ඇහනකොටත්
දැනෙන්නෙ මහා පිළිකුලක්. අපේ දහඩිය මහන්සියෙන් වෙර වීර්යෙන් හම්බ කරණ තුට්ටුදෙකෙන්
පඩි ලබන සැප පහසුකම් ලබන මැති ඇමැත්තනුත් අමතන්ට ඕනෑ ගරු නිලයෙන්. ඒ අය හිඟනුන්
වශයෙන් යාචකයන් වශයෙන් හැඳින් විය යුතු පිරිසක්. හේතුව උන් ඔය තනතුරුවලට ආවේ
ජනතාවගේ ඡන්දය හිඟා කාලා නිසා.
රජයේ
පාලන ක්ෂේත්‍රයේ උසස් නිලධාරීන් ඉන්නවා. කළ යුත්ත නො කළ යුත්ත හොඳින් සිතා බලා කරණ
කියන. ඒ අය නිසි දැන උගත් කම් සහිතව විශේෂ පුහුණු වීම් ලබාගත් අය. අද එහෙම අය
ඉන්නේ කීයෙන් කී දෙනා ද? නියමිත සුදුසු කම් නැති පක්කාලීන්
තමා ලොකු ආසනවල විරාජමාන වෙන්නෙ. නිසි උගත් කමක් නැති පිංගුත්තරයන්ගේ ගඩු මිරිකා
හොරි කසා තනතුරු ලබා ගත් එවුන් නීති රීති බල්ලට දමා තම හාම්පුතාගේ පස්ස ලෙවකන එක.
බණ්ඩාරනාකගේ ඊ නියා සමාජ වාදයෙන් ඔය ක්‍රමය ඇති වුණා. J.R.ගේ තග්
වාදයෙන් වඩා වර්ධනය වුණා. මහින්ද රාජපක්ෂගෙන් නැවත ගොඩ නැගිය නො හැකි තරමට වන
විහිළු වුණා.
“මේ තත්වය නැති කරන්ට ක්‍රමයක් ඇත්තෙම නැද්ද?” ඒ
මගේ ප්‍රශ්නයක්.
“තිබුණා මොකෝ නැත්තෙ විජේවීරයි ප්‍රභාකරනුයි දෙන්නම කළේ
රට හදන්ට සුදුසු විප්ලව නො වෙයි. උන් කළේ රට නසන විප්ලව. ඔවුන්ගේ තුවක්කුවට,
බෝම්බ යට ඉල්ලක්ක කළේ දුප්පත් අහිංසකයන්. කළයුතු දේ ඔවුන් හරියට කළා නම් මේ වංචා දූෂණ භීෂණ අක්‍රමිකතා
වගේ වචන ජන සමාජයෙන් තුරන් වී යන්නට තිබුණා. ඔවුන් දේශය වෙනුවෙන් කළ යුතු නියම
යුතුකම් ඉටු කළා නම්, ආදාහනාගාරවල අමු අමුවේ අළු වෙන්නෙත් නෑ; මඩ වගුරුවල
මියැදෙන්නෙත් නෑ.”
“අම්මෝ ඔයා හරි දරුණුයි නේ ...” ඒ මිලිනාගේ තේරුම් ගැනීමයි.