“එහෙම නං මතක තියා ගන්ට ඕනෑ මට පැයෙන් පැයට තේ ඕනෑ. ටවුමට ගිහින් එනකොට
පැයකට පැය කීයක් යයි ද දන්නෙ නෑ, ඒක නිසා කාලසටහනක් එපා. මෙහෙ වැඩ කරනව නම් මට නවතින්ට
තැනක් ඕනෑ. මේ ළඟපාත තැනක් නෑ කියපු නිසා මාත් එනවා මහත්තයගෙ ගෙදර නවතින්ට ...”
“ලෝකය පාළනය කරණ ශාසනය ආරක්ෂා කරණ දෙවි දේවතුන්ට ම පෙනෙන්ට ඕනෑ. මොකක්ද
අප්පේ මේ සිද්ද වෙන්ට යන විපත්තිය. මං ඉවරයි. මට මැරෙන්ට තමයි සිද්ද වෙන්නෙ ...
... ...”
වැඩ
බාර ගන්න එද්දී ටවුමෙ දි මුන ගැසුණා පරණ යාළුවෙක්. ඔහු කලා වැව මාණඩලික ක්‍රීඩා
තරඟ පැවැත් වූ කාලයේ මට සිටි හොඳම සහායකයෙක්. ආ ගිය කතා කිරීමෙන් අනතුරුව ඇල්ලේවැව
විදුහලට වැඩ භාර ගන්ට යන බව කීවා.
“නියම තැන මචං නියම තැන. ලොක්කා හරිම බිය ගුල්ලා. හයියෙන් කතා කළොත්
මිනිහා වෙව්ලනවා. අනිත් කාරණේ තමයි මෑන්ට ගෑණි ගැන විශ්වාසයක් නෑ. ඒ ගෑණි කෙල්ල
වගේ. හරියට පරිස්සම් කරණවා. එයාගෙ අතින් තේ එකක්වත් කාටවත් දෙන්ට දෙන්නෙ නෑ. හොඳම
කතාව ඒක නො වෙයි. මෑන් උදේ වැඩට එන්න සයිකලය තල්ලු කරගන ඇවිත් කඩුල්ලෙන් උස්සලා
වැටට හේත්තු කරණවා. ඊට පස්සෙ බෝල් අත්ත අරගෙන ගෙදර පඩිය ළඟ ඉඳලා කඩුල්ලට එන කල්
පස්සෙන් පස්සට අතුගානවා අඩිපාරයි රෝද පාරයි මැකෙන්ට කවුරු හරි ගෙදරට ගියා ද කියල
හොයා ගන්ට පුවන්නේ අඩිපාරක් වැදිල තිබුණොත්.”
“පලපයන් බන් බොරු නො කියා ...”
“බොරු? බොරු නො වෙයි සම්පූර්ණ ඇත්ත”
ඔන්න
ඔය වගේ කතාවක් අහපු නිසා තමයි මං ගෙදර නවතින්න එනවා කියලා මිනිහව බය ගැන්නුවේ.
මං
ගැන ගුරු මණ්ඩලයට මං ම හැඳින්වීමක් කළා. එහි සිටියවුන් සියළු දෙනා ම මුහුණෙන්
මුහුණ බලා ගත්තේ පුවත්පතේ ගිය විස්තර වාර්තාව දැකීමෙන් මා ගැන විශේෂ අවබෝධයක් ලබා
ගෙන තිබීම නිසයි.
එදා
වැටුප් ගෙවන දිනය බව මටත් මතක් වුණේ මේසය මත තිබුණ මුදල් දැකලා. එතැන සිටි බොහොම
අහිංසකයෙක් මට කතා කළා.
ඔහුගේ
අහිංසක කම දැක, මගේ රුදුරුගතිය හංගා ගෙන කතා කළා.
“ඇයි මල්ලි?”
“මෙහෙනම් රතුවා නෑ. සුදුවා තියනවා ගේන්ඩ ද?” චුට්ටක් වෙන්ට මාත් කල්පනා
කරල ඔහුට මෙහෙම කීවා.
“එපා බං. පුළුවන්නම් හපන්ට මොනවත් හොයාපන්”