“අප්පේ මගේ පපුවට පුදුම සනීපයක් ‘සර්’
ඒ වචනය ඇහුණට පස්සෙ.”
“ඒ මොකෝ?”
“නැත්නම් මං ම කෑම බීම සපයන්ට එපායැ.”
“කමක් නෑ. ඉදල හිටල ගෙදර එන්නම්කෝ කාල බීල යන්ට.”
“ම් .... ම්ම්, නෑ නෑ, අමුතු දෙයක් හදපු දවසට මං ම ගෙනැවිත් දෙන්නම් කෝ;
කරදර වෙන්ට ආයෙ මෙකටද?”
“ආයෙ මොන කරදරයක්ද? හවස් අතේ ආහම කාල බීල
නිදාගෙන ඉඳල පසුවදා උදේ එන්ට බැරියැ මට ... ... ...”
හිසේ
අත තියාගත් ලොක්කා “අනෙ දෙයියනේ මොකදෑ මට මේ වෙන්ට යන
නස්පැත්තිය”යි කොඳුරනු ඇසුණා. පියසෝම ඒ කියන්නෙ
මුව මස් සැපයීමට පොරොන්දු වූ ගුරුවරයා මං එනතෙක් බලා සිටියා. ඔහු සයිකලයට නැග
බොහෝම බියෙන් ආසනය බදා ගෙන සිටින අයුරක් කන්නාඩියෙන් දැක්කා.
“මොකද බං උඹ බයවෙලා වගේ. මං ඔහුගෙන් ඇසුවේ ඔහු සිටි අයුරු අදහා ගන්නටම
නො හැකි වූ නිසයි.”
“ඇත්තම කියන්නම් අයියේ මේ තමා නමෝ විත්තියෙන් මෝටර් බයිසිකලයක
යන්නේ.”
“හැබෑද? ටික දවසක් මං හිටියොත් උඹට සයිකලේ
පදින්ට උගන්වන්නම් කෝ ”
“අනේ අයියේ අයියට බුදු බව අත්වෙයි.”
ඒ
තමා ගැමි කම. ගැමි හැදියාව. ගැමියා දක්වන ගෞරවය. දැනට අවුරුදු තිස්පහකට පමණ එපිට
ගමක පැවති ස්වභාවය. මාත් සයිකල් පඳින්ට ඉගෙන ගත්තේ අහන්බෙන් මන්ත්‍රීගේ ගරාජයේ
තිබුණ සයිකලයකින් සංවිධාන කටයුතු සඳහා එහා මෙහා යන්ට. අදටත් මට ම කියා වාහනයක් නෑ.
මෙය මස්සිනාගෙන් ඉල්ලා ගෙන ආපු එකක්.
පියසෝමගේ
ගෙදර ගියා. ඔහුගේ මව් පියන් මගේ මව් පියන් වගේම ගැමියන්. පියසෝමගේ බිරිද
චීත්තයක් ඇඳලයි හිටියෙ. ලස්සන තරුණියක්. ඒ බව ඇය ඇඳ සිටි ඇඳුමෙන් කැපී පෙනුණා.
හරිම කඩිසරයි. නිකන් විදුලියක් වගේ තමයි එහා මෙහා යන්නේ.
“එච්චරද දැක්කෙ වෙන මොනවත් දැක්කෙ නැද්ද?” ඔන්න
ඔහොමයි මිලිනා ඇසුවේ.
“යකඩො මේ ගෑණිට තියන රුදාවක්. ගෑණියෙක් කෙල්ලෙක් ගැන කියන කොට උහුලගන්ට
බෑනෙ”
“ඒකට තමයි විපුලෙ මහත්තයෝ සපත්නීරෝෂය කියන්නේ.” මාත් එහෙම කීවා.