338. මාරු විදුහල්පති | සත්‍ය කතාවක්

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


ඔව්

එහෙනම් ස්ටාට් කරණවා යතුර කරකවලා

ඔහු ස්ටාට් කළා. මං කියපුවා මතකනේ ඒ විදියට ක්ලච් එක තද කරලා ගියරය කඩනවා. දැන් හෙමින් ක්ලච් එක බුරුල් කරණ ගමන් ඇක්සිලේටරය හෙමින් ටිකක් තද කරණවා. ඔන්න මං නැග්ගා. හෙමින් යං ඇල්ලෙ වැවට. එනකොට පියසෝමට සයිකලය පදවන්නට හැකියාව ලැබුණා. ඔහු සයිකලයෙන් බැස මට වැන්දා. විශේෂ අවස්ථාවල ක්‍රියා කරණ පිළිවෙළක් මාර්ග නීති රීතිත් පසුව කියා දෙන බවට මං පොරොන්දු වුණා.

රත්නට ඉගැන්නුවේ නැද්ද?” මිලිනා.

මොකෝ නැත්තෙ ඔයාට උගන්නපු හැම දෙයක්ම

ඊය කියන කැත

අඩි 2.5 මෙට්ටයත් කොට්ටය හා ඇතිරිල්ලක් පොරෝණය හා ඇඳුම් කැබලි කීපයක් එකට තබා මෙට්ටය රොල් කර සයිකලයේ බැන්දා. සීනි තේකොළ හා කුස්සියේ අඩු වැඩිය වෙනම පාර්සලයක් හදා ඒකත් බැඳ ගත්තා. සඳුදා උදේ පාසලට ගියේ සති අන්තයේ ගෙදර එන බව පවසමින්.

“ඉතින් නෝනා මේ මාරු ගැන මෙනවත් කියන්නෙ නැද්ද?” මං එහෙම ඇසුවේ විපුලෙගෙ ගෘහජීවිතය ගැන යම් පොටක් අල්ලා ගන්ට.

අපෝ නෑ. එයා අමුතුම චරිතයක්. මං වැරදි ක්‍රියා මාර්ගයක්  නො ගන්නා බව එයා දන්නවා. අනික දේශපාලනය කරද්දී මං මහන්සි වූ හැටිත් එයා දන්නවා

හරි පැහැදිලියි. ඔයා වගේම ඔයාගෙ නෝනත් අසාධාරණයට අයුක්තියට හිස නමන්ට කැමති නෑ”

ඒක තමයි හේතුව

නඩයේ සිටි තිදෙනෙකුට වමනය හා බඩ යාමට පටන් ගත්තා. තවත් කීප දෙනෙකුම අපහසුවෙන් තමයි ගමන් කළේ. ඒ අයට සුදුසු වෛද්‍ය ප්‍රතිකාර වහ වහා ලබා දුන්නා. සමහරුන් මග අසළ ඇති කුඩා කඩවලින් යමක් ගෙන කන්නට ඇතැයි සංවිධායක වරයා කීවා. පැමිණි දුක් පැණි රසයි කියා ආහාර වල යම් යම් අඩු පාඩු කම් තිබුණත් කට පරිස්සම් කර ගැනීම වඩාත්ම ගුණ දායක බව මිලිනා කීවේ අවවාද ස්වරූපයෙන්. එයින් නො නැවතුණ ඇය විපුලෙගෙ කතාව කියන ලෙස ඇරයුම් කළා.

සඳුදා උදේ දහයට විතර පාසලට ආවා. කාමරය පිරිසිදු කර තිබුණා. බූරු ඇඳක් ගෙනවිත් තිබුණා ලොක්කගෙ ගෙදරින්. ඒකට මෙට්ටෙත් දාලා හදා ගත්තා. අනිත් දේවල් බංකුවක තැන්පත් කළා. ගුරුවරියක වූ රංජනී තමන්ගේ උණුසුම් බෝතලයෙන් තේ ගෙනැවිත් දුන්නා. සර් හරි ලස්සනයි නේ, එදානම් දැක්කෙ යකෙක් වාගේ.කියා ඇය අමුතු බැල්මක් දැම්මා. හිස් රැවුල් කපා මනුස්ස වේශයෙන් සිටි නිසා එහෙම කියන්ට ඇති.




"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll