339. මාරු විදුහල්පති | සත්‍ය කතාවක්

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


කව්ද?”

රංජනී?”

නෑ අවුරුදු 27ක්; පස්සෙ තමයි දැනගත්තෙ විවාහය දෙදරලා වෙන්වෙලා ඉන්න බව

එහෙනම් ඉතින් ලාබ තියෙන්ට ඇති

ඔව් පාඩුවක් වුණේ නෑ

ඔයා මේ ඕන නැති දේවල් අහලා කතාව රෝන් අරිනවානේ. නිශ්ශබ්දව ඉන්නවකෝ.කියා මම මිලිනාට තරවටුවක් කෙළෙමි. ඉතා සුළු කාලයක් තුළ ඇති වූ දැන හැඳුනුම් කමකින් මෙතරම් වදයක් විපුලෙට දෙනු ලැබේ නම් මිලිනා ඇගේ සැමියාට කොතරම් වදයක් දෙන්නට ඇද්දැයි මට සිතිණි.

දවල්ට ගෙදරින් ගෙනා බත් පාර්සලය කෑවා. හවස පියසෝමත් සමග නගරයට ගොස් මුට්ටියක් නෑඹිලියක් ඇතිලි දෙකක් හා මැටි කෝප්ප දෙකක් ගෙනාවා. පියසෝම ගෙදර යන්නට කොතෙක් පෙරැත්ත කළත් ගියෙ නෑ. ටවුමට යද්දි එද්දිත් සයිකලය පදින්නට දුන්නා.

බොහෝ දවස්වල උදේට පියසෝම ගෙදරින් කෑම ගෙනාවා. කුරක්කන් රොටී අල බතල කව්පි මුං ඇට වගේ දෙයක්. ඒක මට ලොකුයි. හේතුව කවදත් උදේට නැගිටීම අපහසු නිසා, වැඩි හරියක් බඩ ගින්නේ සිටීමයි. දෙදිනක් එවා තිබුණ ආහාර එතූ කොළයක මගේ ආදරයත් සමගයිකියල ලියල තිබුණ ප්‍රාර්ථනයක් දැක්කා.

එය රත්නා ලියූවක් ද වෙනත් කෙනෙකු ලියූවක් දැයි සොයා බැලීමක් කළේ නෑ. නමුත් සතියකට එක දිනක් පියසෝම සමග ඔහුගේ ගෙදරට යන නිසා අර දෙපදය රත්නාගේ ම බව වැටහුණේ ඇගේ හැසිරීම්  රටාවේ තිබුණ ගාය නිසයි.

ඇඟට ගෙන වැඩ කිරීමෙන් සිතට සහනයක් නො ලැබුණ නිසා සිදුවන්නේ කුමක් ද? ඒ  අනුව රාජකාරිය ඉටු කිරීමට තීරණය කළා. ඇත්තම කිව්වොත් කරන්ට කිසි රාජකාරියක් තිබුණේ නෑ. උයා පිසගෙන කා විවේකයක් ලද විට ගුරුවරුන් සමග ඕපා දූප කතා කිරීම දෛනික සේවාව වුණා.

වැව් පිරී වතුර පිටාර ගියත් වැව් යටතේ කුඹුරු වැඩ කිරීම මේ ගමේ අයට නො හුරු නො පුරුදු දෙයක්. ඔවුන් කළේ කැළේ කොටා වී හේන් ගොවිතැන. ගමේ ගමරාළ කාගේත් උපදේශකයා. හැන්දෑ යාමයේ ඔහු හමුවීමට ගියා. ඒ වැඩ කරන්ට කුඹුරක් සොයා ගැනිමේ අටියෙන්. ඔහු මාව බොහෙම ගරු සරු ඇතිව පිළිගත්තා.

 



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll