ගමේ
වග-තුග, ගමරාළ පයින්ඩයේ කාර්ය-භාරය, ගොවිතැන්-බත්, දීග-තල, සිරිත්-විරිත් ආදි දේ
ගැන බොහොම ඕනෑ කමකින් වගේ ම අභිමානයකින් ගමරාළ උන්නැහේ කියා පෑවා. මාත් ගැමියෙකු
බැවින් ඒ ඒ කුල ගෝත්‍රවල සුවිශේෂී වෙනස් කම් ගැන මාත් කියා සිටියා. ඔහුගේ ඇඹේණිය
හරිම කරුණාවන්තයි. විශේෂයෙන් ඇය විමසා සිටියේ මා ආහාර පාන සකසා ගන්නා ආකාරයයි.
“වැඩක්
නැතිව නිකන් ම ඉන්න එක හරිම අමාරුයි ගමරාළ මාමේ. මේ මිනිස්සු කුඹුරු ගොවිතැන්
කරන්නෙ නෑනෙ. එහෙම කරණවා නම් මටත් ඔය අඳේට හරි බද්දට හරි කුඹුරක් වැඩ කරන්ට
තිබුණා.”
යි මං කීවේ ආපසු එන්නට නැගිටින ගමන්.
“අපෙ
අපුච්චියේ අපෙ මහත්තෑන්ට කුඹුරක් ඕනෑ නම් මං දෙඤ්ඤංකො. මේ ඉම ම තියෙනවා වී
පාළොල්ලහක මගේ කුඹුරක් (වී බුසල් හතක් - අක්කර දෙක හමාරක්). නින්දෙටම වැඩ කර
ගන්නවා හොඳයි. අලුත් බත් කන්ට කියාවත් වී ඇටයක් වත් එපා”
“චිඃ එහෙම හරියනවයැ! මං බුසලට පහ ගණනේ දෙන්නං”
“ඕං ඔය හදන්නෙ නොරොක් වෙන්ට. දෙයියම්පා මට එක වී ඇටයක් එපා. තමුන්නැහැම
හැම ආදායමක් ම ගන්ට හොඳා. මගෙ පට්ටියේ මී හරක් ඉන්නවා. ගැලතිලි දෙකක් හදාගත්තා නම්
එක දවසට මඩවනවා. ආයෙ නියරක් සෑහීමක් බැදීමක් නෑ. පෝයක් ඇරල වී ටික පැලකර ගෙන ගිහින් දෙවැනි මැඩුවම ගහන ගමන් වී ටික වපුරනවා. මේකෙ
එකාලට කොච්චර කීවත් අන්දොස් පන්දොස්; මගෙ අප්පා මේ පාරටවත් ඕක වපුරලා දාන්ට
හොඳා මුන්ගෙ ඇස් ගෙඩි වලට පේන්ටවත්”
“ඔයා කුඹුරු වැඩත් දන්නවද?” ඒ මිලානා.
“කුඹුරු වැඩ?”
“ඔවු”
විපුලෙ
ඇඳ සිටි සරම දණහිස දක්වා එසෙව්වා.
පළමුවෙන්
නියපොතු පෙන්නුවා. මිලිනා ගේ උරහිසට
ඇන මෙසේ කිව්වා.
“පේනවද කකුල්වල නියපොතු ලිප්ස්ටික් ගෑව වගේ”
“ලිප්ස්ටික් නො වෙයි වදේ කියුටෙක්ස්”
“මොන මඟුලක් ද මන්දා පේනවනේ පාට!”
“ඇයි එහෙම පාට වෙන්නෙ?”
“මඩ කුණු වෙලා නියපොතු වල අල්ලනවා එතකොටයි ඔය පාට”