341. Grade One ප්‍රින්සිපල් | සත්‍ය කතාවක්

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


විපුලෙ කෙණ්ඩ නිය පොතු වලින් සූරා දැක්වූයේ ඉරි ගැසී ඇති අයුරුය. කුඹුරු වැඩ ගැන ඔහු කී දෙවල් ඇසීමේ දී විපුලෙ උපන් ගොවියෙකු බව පසක් විය.

දැන උගත් දේ කියා දෙන්ට ඕන නිසා මේ උලව් රස්සාව කරණවා. තැන් තැන්වලට මාරු වෙනවා කියන්නෙ වියදම් දෙක තුනක්. කුඹුරු වැඩ නො කළොත් හාමතේ තමයි ලගින්ට වෙන්නෙ. විපුලෙ එසේ කීවේ ගොවිතැන් කරන්නට හේතුව තව දුරටත් පහදා දීමේ අටියෙන් විය යුතුය. මේ වන විට ගමේම කෙනෙකු බවට පත් වුණා. මරණයට මඟුලට කයියට මුත්තෙට්ටුවට ආරාධනයෙන් වගේ ම අනාරාධනයෙනුත් සහභාගී වුණා. රෑ යාමයේ හේනේ පැලට ගිය අයෙකුට පොලොඟෙකු දෂ්ට කළා. ඔහු කෙසේ හෝ කැලයෙන් අවුත් පාරේ සිහිසුන්ව වැටී සිටියා. පාරේ ගිය අයෙකු ඔහු දැක ගම්මුන්ට කියලා. අද වගේ යාන වාහන නෑනෙ. කෙනෙකු ඇවිත් මට කීවා සිද්ධිය. ඇඟපත හයි හත්තිය ඇති කෙනෙක් ලෙඩා ගෙන යන්ට සූදානම් කරණ ලෙස කියා මා සූදානම් වුණා. යන්ට ඕනෑ වව්නියා රෝහලට. ඔය අස්සෙ ගමේ වෙදුන් තමන් දන්නා කියන අත් බෙහෙත් කරලා. යාන්තමට සිහි සෙම්පත තිබුණා. උක්කු බණ්ඩා පා දඩයෙක්. ඔහු රෝගියා මැදින් තියාගෙන අල්ලා ගත්තා. මං රෑ යාමයේ කුරුල්ලෙකු වගේ ඉගිලී ගියා වවුනියාව රෝහලට.

රෝගියාගේ නම කපුරාළ. දරුවන් හතර දෙනෙකුගේ පියෙක්. ඒත් බිරිඳ දැන් දීගෙක යවන්ට පුවන් තරමේ රූමතියක්. ආරෝහන පරිනාහ දේහය. හැට්ටයෙන් සහ චීත්තයෙන් නො වැසුන සිරුරේ පෙති ගොමර. දත් දෙපෙළ වාත්තු කළා සමානයි. පන්සිය පනස් ජාතික පොතේවත් නො ලියවුණ කථා දහසක් ඇගේ දෑසේ ලියැවිලා.

ගැහැව්වා එයාටත් කොක්කක්!

මිලිනාට කට පියා ගෙන ඉන්නට බැරි හැටියක තරම යැයි මට සිතුණි. විපුලෙගේ කට ඉස්සර වෙන්නට පෙර මගේ කට ඉස්සර විය.

ඔයා හැම වෙලාවෙම නූගත් ගැමි ගැහැණියක් වගේ තමයි හැසිරෙන්නෙ. මිනිසුන්ට ගැහැණු එපා වෙන්නේ ඔය වගේ හැසිරීම් නිසා. අච්චර ලස්සණට කියා ගෙන ආ කතාව කාල දැම්ම. කරුණාකරල අර ඉස්සරහ සීට් එකකට යනවද වද නොදී?”

හරි හරි සමාවෙන්ට. මීට පස්සෙ මං හරස් කපන්නෙ නෑ.මිලිනා නිහඬ වූවා.

මොකක්ද එයාගෙ නම?” මං ඇසුවා.

නම .... ජයන්තිවසන්තිද කොහෙදෝ

පසුදා උදේ අම්මයි ළමයිනුයි සමග ජයන්ති පාසලට ආවා. අම්මා දෙන්නට පුවන් තරම් පිං දුන්නා. ඒක අතින් පයින් යන එකක්යැ. වචන විතරනේ. උන්දෑ අන්තිමේට මෙහෙම කීවා.

අනේ රත්තරං බුදු මහත්තයෝ පොළගා ගහල ලේසියෙන් කෙනෙක් ගොඩ එන්නෙ නෑ. ඊයෙ මාස පෝය, අඟහරුවාදා, ඒ මදිවට රිට්ටා. මගේ කෙල්ලටයි මේ පැටුවුන්ටයි යන කල කොහෙමද බුදු මහත්තයෝ. මේකට කරගහන්නෙ කව්ද මහත්තයෝ ... ... ...කියමින් ඇය හඬා වැළපෙන්නට පටන් ගත්තා.  ජයන්තිද තෙරක් නො පෙනෙන අහස දෙස බලා සිටියා. මාත් නිශ්ශබ්දව සිටියොත් දේවත්වයට පත් වෙනවා නේ. ඇයි දෙවියන්ට කොපමණ පුද පූජා කරල සුවඳ දුම් අල්ලලා යටි ගිරියෙන් කෑ ගහල තම දුක කිව්වත් නිකමටවත් ඇස් පියන් තට්ටක් වත් හොල්ලන්නෙ නෑ නේ. මේ නිසා මං කිවුවා “බය වෙන්න එපා අම්මෙ, ඕනම දෙයකට මේ මං ඉන්නවා” කියල. ජයන්තිගෙ හිස පිරි මැද්දා. ඇය පූසියක් වගේ පපුවට තුරුල් වුණා.




"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll