ස්ථාන
මාරුවට ගමන් වියදම් ඉල්ලුවා නේ. ඒකට ලිපියක් ලැබුණා. වියදම වශයෙන් රුපියල් විසිහත්
දාහක් එන්ට වැය ශිර්ෂ සමග වවුචර් කාර්යාලයට භාර දුන්නා. දින කීපයකින් ආවා මාණ්ඩලික
අධ්‍යාපන නිලධාරි. ඔහු විදුහල්පති සමග කතා කර කර ඉඳල මාව කැඳවුවා කාර්යාලයට.
“විපුලසේන මහත්තයගෙ ගමන් වියදම් අයදුම් පත්
මං ගෙනාවා. මහත්තයගේ අලුත් පදිංචි ගෙදර බලන්ට යන්ට ඕනෑ”
“මට ප්‍රශ්නයක් නෑ. මහත්තයා ගිහින් බලාගෙන එන්ට”
“මං කෙහොමද දන්නෙ ගෙදර තියෙන තැන?”
“ඇයි ඔය ඉල්ලුම් පත්‍රයේ තියෙන්නෙ”
“මං කොහොම ද හැතැප්ම හතරක් යන්නෙ පයින්”
“ඒක මට අදාළ නෑ නෙ. පරීක්ෂාවට ආවානම් ගිහින් පරීක්ෂා කර ගන්න එකයි ඇත්තෙ”
“එහෙම නෙමෙයි මහත්තයා ඔයාගෙ මොටෝ එකෙන් මුන්නැහැ එක්කර ගෙන ගිහින් පෙන්න
ගෙන එන්ට” යි විදුහල්පති කට දැම්මා.
“යන්ට නම් බැරියැ. සයිකලේ පෙට්ට්‍රල් නෑ - අනික සල්ලි ගෙනාවෙත් නෑ”
“හරි මං දෙන්නම්” කියා මා.අ.නි. රුපියල් සියයක්
ම දුන්නා. එයත් අතේ මිට මොලවගෙන පියසෝමත් සමග ඔහුගේ ගෙදර ගියා. යමින් ගමන්
කළ යුතු කාරියන් ගැන උපදෙස් දුන්නා. හොඳ වෙලාවට පියසෝමගේ මව හා පියා හේනට
ගිහින්. රත්නා විතරයි ගෙදර. ඔවුන්ට මෙහෙම කිවුවා.
“ඈතින්ම මං හෝන් එක ගහනවා. රත්නා ගේ වහලා යතුර අරං මං එන පැත්තට
යනවා. මං අහනවා ඔයාගෙන් කොහෙද යන්නෙ කියල ඔයා කියන්ට සීනි තේකොළ ගේන්ට කඩේ යනවා
උයන්ටත් මොකුත් ගේන්ට කියා. මට යතුර දෙන්ට”
“පියසෝම
මල්ලි උඹ රෙදි පෙරදි ටිකක් අස්පස් කරල මං එන සද්දෙ ඇහෙන කොට වසං වෙයං”
එසේ
උපදෙස් දීල ගියා පාසලට. මා.අ. නි. මග බලාගෙන.
“යකඩෝ තෙල් ගහන්ට ඔච්චර වෙලා ගියා ද? ඔහු
ඇසුවා.
“තෙල් ගහන්න විනාඩි දෙකක් යන්ට ඇති. මේකෙ ප්ලග් එක ලෙඩ දුන්නා. ඒක සුද්ද
කරලා හයි කරන්ට ටිකක් වෙලා ගියා.”
මා.අ.නි.
ත් සමග මං ආවා පදිංචි ගෙදර පෙන්නන්ට. කියපු විදියට ම රත්නා මග දී හමු වුණා.
“කොහෙද යන්නෙ?” කියල මං රත්නගෙන් ඇහුවා.