344. Grade One ප්‍රින්සිපල් | සත්‍ය කතාවක්

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


“යන්නෙ වයසට. ගෙදර හරියෙ කන්ට බොන්ට දෙයක් නෑ. බල්ලෙකුගෙ හරි පය අල්ලලා ඉන්න තැන ඉන්නෙ නැතිව කුදලාගෙන ආවා මහ ලොකුවට. මොකද තවත් එකෙක් ඇද ගෙන එන්නෙ. මං ලවා බත් තම්බන්ට ද? ඕනෑ මඟුලක් නටා ගන්නවා ඔන්න යතුර” කියා ඇය දැම්මා ඇඟට යතුර. ඒක වැටුණෙ බිම. “ඔන්න ‘සර්’ ඔය යතුර අහුලා ගන්න. ඔය ගෑණීත් එක්ක මංම ඉහ ගහලා ඉන්නවා මිසක් පරාක්ෂයෙකුටවත් බෑ ආං බාං කර ගන්ට.”

“විපුලෙ ඔන්න ඔය යතුර දීපං නෝනට. අපි යං යන්ට” මා.අ.නි. කීවා.

“යං යං සර් ගෙදර බලාගන්ටත් එපායැ. ඒක සර්ගෙ රාජකාරිය නේ ”

“හරි හරි රාජකාරිය නියමෙට කෙරුණා. තව පරක්කු වුණොත් උන්දැ ඇවිල්ල හාමිටි තලන්ටත් බැරි නෑ. මට දැන් ඉක්මනින් යා ගන්ටයි ඕනෑ”

“සර් මෙහෙම කෙළින් ගියොත් පදවිය පාරට වැටෙනවා. හැතැප්ම දෙකයි තියන්නෙ. අනුරාධපුරයට කොළඹට යන බස් ඕන තරම්.”

“ඒක හොඳයි, යමු ඒ පැත්තෙන් විපුලෙටත් එන්ට තියෙන්නෙ ටික දුරක්නේ”

ඔන්න ඔහොම කතා කරගෙන හැතැප්මක් විතර ගියා. මා.අ.නි.ට නො දැනෙන්ට ක්ලචය අල්ලා රේස් කළා සයිකලය. අදින්නෙ නෑ. නැවැත්තුවා.

“මොකද බං වුණේ?”

“මේ ලගඩම අදින්නෙ නෑ නෙ”

“මේ ගිනි කාස්ටකේ ඉන්ට බෑ බං. ලඟ පාතක ගහක් වත් නෑ. හරි යමර වෙලාව. දිව ගිලෙන්ට එනවා වතුරත් තිබහයි.”

“කිවුවනම් ගෙදරින් තේ එකක් හදල දෙනවනේ.”

“මතක් කරන්ට එපා. ඊට වඩා හොදයි ලෝදිය බොන එක”

හෙමින් සීරුවේ ස්විච් එකත් ඕෆ් කළා. සයිකලය නැවතුණා. පණ ගන්වන්නට කොතෙකුත් කික් කළත් සයිකලය නො වේ හඬක් නැගුවේ. හෙමින් සීරුවේ ප්ලගයේ වයරය ද ගලවා දැම්මා.

“සර්, සර් වත් මේකට අනින්ටකෝ” මං එහෙම කිවා මා.අ.නි. ට.

“දියං බලන්ට” ඔහුත් යතුර එහාට මෙහාට කරකවා කික් කලා විනාඩි දහයක් විතර. මිනිහගෙ දෙකංසයෙන් දාඩිය ගලනවා. මුහුණත් රතු වෙලා.

“මොකදෑ දැන් කරන්නෙ?” ඔහු ඇසුවා.




"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll