කොහොම
නමුත් විපුලෙට එදා තුන්යම් රාත්‍රිය මුල්ලේම නින්දක් නැති බව උදේ දෑස් රත්
වී තිබුණ සැටියෙන් පෙනෙයි. ඒ ගැන නො විමැසීමට මං තීරණය කළා.
ඇල්ල
වැව පාසලත් ඒ අවට පරිසරය තුළින් ලද අත් දැකීම් බොහෝමයි.
ඒවා එකින් එක කියන්නට ගියොත් මේ පොත මහා
පදරංග ජාතකය වගේ වෙනවා. ඒ නිසා තවත් එක් සිද්ධියක් පමණක් කියන්නම්. ඒක නොකියාම
බැහැ. පසුදා ගමන ආරම්භ වීමෙන් අනතුරුව විපුලේ කීවා. මිලිනා වෙනදා මෙන් කතා බහක් නැතිව සුපුරුදු අසුනේ වාඩි වුණා.
“මොක ද අද ටේප්රැකෝඩරය බෑග් එකේ දාලද දන්නෙ නෑ” මං කීවා .
“ෂඃ! එහෙම නම් අද කණක් ඇහිල
ඉන්ට පුළුවන්” ඒ විපුලෙ.
“ඒක වෙන්නැති ඊයෙ උන්නද මළාද කියලවත් බැලුවෙ නැත්තෙ” මිලිනාගෙ හඬ.
මිලිනා නිහඩ
වුණා. විපුලෙ බුලත් මඩිස්සලේට අත දමා හුණු ඇබිත්තක් ගෙන දතේ ගාගත්තා.
“මොකක් ද කියනවා කියපු කතාව?” මං එසේ ඇසුවේ
නැවතත් ජෝඩුව විරිත්තනු දැකීම අපහසුවෙන්.
ඔය
ගමේ හිටිය හොඳ සල්ලි කාරයෙක්. කළේ ගොවිතැන්මයි. අක්කර දෙකේ තුනේ තල, අබ, හේන්. ඒ වගේම මිරිස් උඳු වගාවන්. වී හරි
එළවළු වලට හරි මිනිහා කැමති නෑ. අවිවාහකයි. තනියෙන් ම උයා පිහා ගෙන කාල තමයි වැඩ
කරන්නෙ. රෑට ඉන්නෙ හේනෙ පැලේ. බෝග වන සතුන්ගෙන් ආරක්ෂා කර ගන්ට.
දවසක්
මේ මනුස්සය ආවා මාව මුන ගැහේනට. මිනිහගෙ නම ඖෂධහාමි. නමුත් ගම්මුන් කීවේ “අවුසදයා”
කියල; ඒ මනුස්සයට ගරු නම්බු දීලා කතා කළා.
“මොකද අවුසද හාමි උන්නැහැ මේ පැත්තෙ?”
“ආයුබොවන්ට මට මෙන්න මේ ලියුම් කරදහිය එවලා තියනවා බැංකුවෙන් මොකක් ද
කියල තියෙන්නෙ බලාගන්ට. මං ඉතින් අකුරු සාස්තරේ දන්න එකක් යැ” කියමින් ලිපිය අතට දුන්නා. විශ්වාස කරන්ට මටම පුදුමයි. ලක්ෂ විස්සක
තැන්පතුවක්. බැර විනා හර නැති ඉතිරි කිරීමේ ගිණුමක් පවත්වා ගෙන යාම ගැන ස්තූතියත්
විශේෂ හමුවීමකට ආරාධනයකුත් තමයි ඒ ලිපියේ තිබුණේ. අවුසධහාමිගෙන් චුට්ටක්
වෙන්ට කරුණු හොයා දැන ගන්නට හිතුණ නිසා මං මෙහෙම ඇහැවුවා.
“මුන්නැහේට ලක්ෂ විස්සක් බැංකුවේ තැන්පත් කරන්ට ආදායමක් තියෙනවද ?”
“ආදායමක් කියල එකක් නෑ. ඔය බෝග ජාති කල එළි බැහැපුවම විකුණලා ලැබෙන
දෙයක් බැංකුපොතේ දානවා.”