347. Grade One ප්‍රින්සිපල් | සත්‍ය කතාවක්

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


ඕව විකුණන්ට ගියහම වෙළෙන්දෝ හරියට කිරනව මනිනවද?”

ෂා එහෙම ඒ ගොල්ලො කරන්නෙ නෑ. ඒ උදවිය හොඳ සල්ලි කාරයෝ නෙ. ජාතිය දෙමළ වුණාට රත්තරන්  මිනිස්සු, කාල අරික්කාල විතරක් නෙමෙයි වීසම දක්වාම ගණං හදනවා

මුන්නැහේට දැන් වයස කීයක් විතර ඇති ද ?”

මට දැන් හතළිස් පහක්, එහෙනං මේ හිටියට

ඇයි කසාදයක් නො බැන්දේ. අඩු ගණනේ ගේ දොර වැඩ බලා කියා ගන්ටවත් බැරි දවසක පිහිට වෙන්ටත් අඹුවක් දරුවෙක් ඉන්ට එපායැ

අවුසද හාමි කුලෑටි ලජ්ජා සහගත හිනාවක් පෑවා. ඔහු මෙහෙමත් කිව්වා.

ඔව් ඉතින් කවුද අපෙ මහත්තයෝ කරල දෙන්නෙ? අම්ම අප්ප දෙන්නම මළා. මට කියල හරි හමන් නෑයෙක් නෑ. අනික මං ගමත් එක්ක වැඩි ඇයි හොදැයියකුත් නෑනෙ. උන්ගෙ නැති බැරිකම් වලට කානාකාරි වලට මට නෙ කර ගහන්ට වෙන්නෙ. ඊට මීට වැඩිය හොඳයි ඔහෙ හේනක් පිටියක් කර ගෙන ඉන්නවා. ගමේ එකාලගේ කෝලිත්තන් බලන්ට බැරුවට තමයි හේනෙම ලඟින්නෙ.”

අවුසදහාමි අයියේ එහෙම නො වෙයි, මං අයියට කැපෙන කෙනෙක් හොයලා දෙන්නම්, කර කාරෙට කැමති ද?”

අනේ මන්ද, අපේ මහත්තයට ඒක කරදරයක් නේ. ඕවට  සුනංගු වෙන්ට කාලයක් තියේයැ!

කියන්ට බලන්ට කොහොම කෙනෙක්ද ඕනැ. හැටි පාට, උස මහත එහෙම

කෙහොම හරි ඉගෙනීමක් තියෙන්ට ඕනෑ, බව බෝග එහා මෙහා කරගන්ට. ලස්සණත් වෙන්ට ඕනෑ. හේනෙ වැඩක් පුවන් වෙන්ට ඕනෑ.”

නෑ නෑ අපේ මහත්තයෝ හේනෙ වැඩ ගන්නෙ නෑ. බත් ටික අරන් ඇවිල්ලා ඔහෙ ඉඳගෙන හිටියොත් ඇති. ගෑණුන්ට දුක් දෙන්ට නාකයි නේ

“හොඳයි අවුසද අයියගේ කැමැත්තටම හරි යන කෙනෙකු මං හොයා දෙන්නං” කියල මං පොරොන්දු වුණ. ඔහු යන්ට හැර ලිවුවා පත්තරේට මංගල යෝජනාවක් මෙහෙම.

වයස අවු. 45යි. අවිවාහකයි. උඩරට ගොවි. ලක්ෂ විස්සක ස්ථාවර තැන්පතුවක් හා චාම් ගති පැවතුම් ඇති අයෙකුට රූමත් කතක් විවාහයට සොයයි.

ආසන්නම ඉරිදා පත්‍රයේ දැන්වීම පළවී තිබුණා. දෙවන සතියේ සිකුරාදා පුවත් පතෙන් පාර්සලයක් ලැබුණා. එහි ලියුම් 187 ක්. දෙ දිනක් තිස්සේ කියවා තෝරා ගත්තා එයින් ලිපි 15ක්. ඒ    අයට එක් එක් කණිසමට වෙන් වෙන් ස්ථානවලට දෙ දිනක් තුළ නගරයකට කැඳවා ගත්තා. ඇත්ත වශයෙන් ම ඒ හැම දෙනා ම සුදුසු තත්ත්වයේ සිටියා. ඒත් ඉහළ ම අධ්‍යාපන සුදුසුකම් අය ඉවත් කළා, විච්චූර්ණ ඇඳුම් පැළදුම් අයත් කපා දම්මා. ප්‍රමාණය ඉක්මවන සිනහව, ඇඟපත, නැටවිල්ල තිබුණ අයත් අත් හළ පසු තිදෙනෙකු ඉතිරි වුණා. ඒ අයට මං කීවා අවුසදයාගේ හැටි පාට ස්වභාවය අකුරක් නෑර. අනිත් එක මේ තිදෙනාම දුප්පත්. මව හෝ පියා මිය ගොස්. සොයුරු සොයුරියන් විවාහ වී නො සලකා හැරීම වැනි ප්‍රශ්න වලට මුහුණ පෑ අය.




"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll