අපරාදෙ
කියන්ට බෑ රත්නා රාත්‍රී කෑම පිළියෙල කළා. බතක් උයා අල-කරවල එකට ව්‍යාඤ්ජනයක්, පරිප්පු, සාඩින්, සම්බෝලයක් හා පපඩම් තමයි
සකස් කළේ. පියසෝමගේ කසු කුසුවකින් පසු නගරයේදී රහසිගතව කාරයට ගෙනා
පාර්සලය දිගහැර බෝතලයක් එළියට ගත්තා. මං
කතා කළා අවුසදයට.
“අනේ ආයුබොවන් මං ඕවා රහ දිවේ තියල නෑ. තමුන්නැහැලම ඕන එකක් කරගන්නවා
හොඳයි” කියා ඔහු කියා සිටියා. පෙරැත්තයෙන් පොවා මිනිහා බේබද්දෙකු වුණොත් පාපයට මා
කර ගැසිය යුතු බැවින් මාත් පියසෝමත් පමණක් බෝතලයෙන් චුට්ට චුට්ට ගත්තා.
රාත්‍රි ආහාරය හරිම අපූරුයි. රත්නාගේ අත ගෑවුණ ගෑවුණ තැන් කෑ හැකි බව මං ප්‍රසිද්ධියේම
කීවා.
“ඔහෙ නෑ අයියෙ මේ නඟා තමයි ඉවුවෙ.”
“ෂා හැබෑද? ඔන්න අවුසද අයිය දැන්වත්
කටබඩ පුරවාගෙන කාල බීල ඉන්ට දේවතාවියක් ගෙදරට පහළ වෙලා ඉන්නවා; තේරුණාදැයි” මං තුන් වන වඩියත් පහුකර සිටි නිසා සුගුණාට ඇහෙන්ටත් එක්ක
කිවුවා. මොටෝ සයිකලය යෙන් රත්නා සමග යන්නට කී නිසා පළමු වඩියෙන් ම පියසෝම
නැවතුණා.
“ඇති යන්තම් රත්නා ගෙදරට ඇරලලා එන්නම්; උඹ මං ආවට පස්සෙ සයිකලය අරන් පලයන් කීවා” ඉවසා සිටිය නො හැකි තැන මිලිනා
තැතනුවා.
“ඔන්න පටන් ගත්තා ආයෙත් ඤැක ඤැක ගාන්න.” මගේ
ඉවසිම ද සීමාව ඉක්ම යමින් තිබුණ නිසා එසේ කීවා. රත්නා සුගුණවතියව ළිඳ ළඟට
කැඳවාගෙන ගොස් නාවාගෙන ආවා. ඇය කිසියම් උපදෙස් මාලාවක් සුගුණට දෙන බවක්
පෙනුණා. පරෙස්සමෙන් ගෙදර යන ලෙස පියසෝමට කියා මාත් නවාතැනට ආවා.
ඇඳුම්
මාරු කර ඇඟ පත දොවා නිදන්නට සූදානම් වුණා විතරයි මෙන්න දොරට තට්ටු කරණවා. ඒ ගමන් ම
කියනවා ඇහුණා “අනේ මහත්තයා - අපේ මහත්තයා” කියල. කට හඩින් අඳුනා ගත්තා ඒ අවුසදයා බව. මාත් දොර අරින ගමන්ම
ඇහැව්වා “ඇයි මොකද හදිසිය” කියල
.
“අනේ අපෙ මහත්තයෝ අර වම්බිගෙන් බේරෙන්ට බෑ”
“ඇයි ඇයි මොකද?”
“මට හේනට යන්ට එපාලු, ඒකිට තනියෙන් ගෙදර ඉන්ට බෑලු”
“ඉතින් අවුසද අයියා ගෙදරට වෙලා අද ඉන්න එපායැ”