“ඔය
බණේ හින්ද තමයි මං තනියෙන් ම ජීවත් වුණේ. මගේ වැඩ කටයුතු වලට අනාකූලයක් නොවී ඉන්ට
කියන්ට හොඳයි. මං හේනෙ පැලට යන්ට ඕනෑ. මොකද කියන්නෙ තමුන්නැහැ?”
“අනේ මන්ද හරි කරදරයක් නෙ. ගෑණියෙකුත් ගෙනැත් දීල ආයෙ ගෑණි රැකල දෙන්ටත්
ඕනෑ.”
“මෙච්චරක් කෙරුව වගේ මගෙ අප්පා මේ උදව්ව බෑ නො කියා කරන්ට හොඳා. නැති
නම් ඒකි පාණු පැයේ ගමට යනවා කියල සත්ත වෙනවා”
මගේ
පොරෝණයත් ගෙන අවුසදයා පසු පසින් ගියා. මේකගෙ මෝඩකම ද, ප්‍රමාණය ඉක්මවා ඇති
විශ්වාසය ද කියා දැනගන්නට උත්සාහ කළා. ඔහු ගෙට ගොඩ වදින ගමන් ම මෙන්න මෙහෙමයි කතා
කළේ.
“අඩී මෙහෙවර තොගේ තනි නො තනියට මෙන්න අපේ මහතුන් කැටුව ආවා. දැන් බයක්
හැකක් නැතුව නිදා ගං. ආයෙ කොටියා කයි කියල වෙන්නැති බයේ තැග් ගැහුණේ. නිකං ලාම්පුව
පත්තු කරන් ඉන්ට එපා. දැන් මං යනවා හේනට” කියමින් අවුසදහාමි
යන්ට ගියා ලන්තෑරුම පත්තු කරගෙන.
තරමක්
බීමත්ව සිටි නිසා මං ඇඳේ දිගා වුණා. අගුපිලේ කණුවට හේත්තු වූ සුගුණා බර
කල්පනාවක.
“ඇයි නිදා ගන්නෙ නැද්ද, මොනවා ගැනද කල්පනා
කරන්නෙ?” මං ඇසුවා ඇයගෙන්.
“අනේ මන්ද මේ මනුස්සයත් එක්ක දීග කන්නෙ කොහොමද කියලයි කල්පනාව”
“හරියට හරි, ඔයාට එහෙම කල්පනාවක් ආවනම් ඒක හොඳයි.
දැන් වැඩ කෑල්ල තියෙන්නෙ ඔයා අතේ. මාත් සපෝට් එක දෙන්නම්.”
“මොනව ද මට කරන්න තියෙන්නෙ?”
“ඇයි
මනුස්සයෝ මං මුල් දවසේම කීවා නේ නූගත් හිත හොඳ මිනිහෙක් කියල. සල්ලි පණං එමට. ඒත්
රට ගැන ලෝකය ගැන ගැහැණු පිරිමි ගැන අවබෝධයක් නෑ. එයා හිතන් ඉන්නෙ ගෑණියෙක් ඕනෑ උයා
පිහා දෙන්ට ගෙදර දොර අතුපතු ගාගෙන ඉන්ට කියල. ගැහැණියකගේ වටිනා කම අගය දැනෙන්ට තමුන්
හැසිරෙන්ට ඕනෑ.”
දැන්
මනුස්සයා වෙහෙස වෙලා ගෙදර ඇවිත් ඉන්නෙ. මුලින් මුලින් වතුර ටිකක් උණු කරල ඇගපත
දොවා ගන්ට දෙන්ට ඕනෑ. අලුත් ඇඳුමක් අන්දවලා තේ එකක් කාරිය දිලා තමුනුත් ළඟින්
ඉඳගෙන එයා කැමති ගොවිතැන නේ, ඒ ගැන කතා කරන්ට පටන්
ගන්නවා. හෙමින් සීරුවේ අත අල්ලාගෙන කරගැට ගැන කියමින් ආදරයෙන් පිරිමදින්න ඕනෑ ‘මෙන්න
මෙහමෙ’ කියමින් ඇගේ අත අල්ලා ගත්තා. එයාට නො දැනෙන්ට ක්‍රමයෙන් ඇඟ පුරා අත යවනවා
මෙහෙම මිරිකනවා මෙහෙම තුරුල් වෙනවා. මේ වන විට සුගුණාගේ මුවෙන් හීන්
කෙඳිරියක් පිට වුණා. ඇය ඇඟේ බර මා වෙත පටවා ඇති සෙයක් දැනුණා. එම බරෙන් ගැළවෙනු
පිණිස සුගුණා මගේ ඇඳේ නිදිකරවා ගත්තා.
“බලපල්ලකො ඒක කියන හැටි විතරක් කටේ තොලේ ගෑවිලාවත් නෑ. මහ එපා කරපු
මනුස්සයෙක්!”
“කව්ද අවුසදයා ද?” සුගුණා හරියට මගේ උපදෙස් පිළිපැද්දා. දෙමාසෙ ගියේ නෑ මිනිහා හේනෙම අටවා ගත්ත
පැලක් දෙන්නට ම ඉන්ට.
“අනේ මං එහෙම හිටිය නම් ඔතනිනුත් තොලොන්චි කරල අරිනව ඕනෑ දීපංකරේකට
යන්ට.” මූණ බකුසු කරගත් මිලිනා කීවා.
“ඔයා තොලොංචි කරන්ට ඕන නෑ. ඒක හරියටම සිද්ධ වුණා වෙනදා වගේම.”