351. Principal ග්‍රේඩ් වන් | සත්‍ය කතාවක්

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


ලංකා දේශපාලන වංශකථාවේ තිරශ්චීන අධම පාහර යුගය වශයෙන් ලාම්පු දල්වා නැටූ කළගෙඩි සෙල්ලම හඳුන්වන්ට පිළිවන්. එය අබමල් රේණුවක තරම්වත් බුද්ධිය ඇත්තවුන් විසින් පවා ගැරඩි කුණක් සේ ප්‍රතික්ෂේප කළ තුච්ඡ දේශපාලන ක්‍රියාවක්. ශ්‍රී.ල.නි.ප.ය වශයෙන් හෝ අම්ම පුතාලගේ කුළල් කා ගැනීම් හෝ නො සිතා මෛත්‍රීපාල සේනානායක විසින් දියත් කර තිබුණ ලාම්පු කළගෙඩි සෙල්ලම් විරෝධයට මගෙත් පක්ෂ පාතිත්වය හිමි වුණා. මේ හෙයින් මාත් මෛත්‍රීපාලගේ රැස්වීම්වල නැතිවම බැරි කථිකයෙකු බවට පත් වුණා. සංවිධායකයන්ගේ යාන වාහන ආහාර පාන බලාපොරොත්තු නො වී සියල්ලක්ම මගෙන් ම පිරිමසාගෙනයි කටයුතු කළේ. රැස්වීම් දෙක තුන අමතනකොට එ.ජා.ප. සංවිධානයට මා ගැන තොරුතුරු වාර්තා වෙලා. එහෙත් සංවිධායක වරයාට උභතෝ කෝටික ප්‍රශ්නයකට මුහුණ දෙන්ට සිදු වෙලා.

මං මහා ලේකම් ධූරය දැරූ අවධියේ මෙම සංවිධායක වරයාගේ රැස් වීම් බර ගණනක කතා කළා. ජාතික අධ්‍යාපන සේවක සංගමයේ ශාඛා ලේකම් වරයා වශයෙන් පමණක් නොව දිස්ත්‍රික් ක්‍රියා ධරයෙකු වශයෙනුත් කටයුතු කළා. පෞද්ගලිකව මම සංවිධායක අඳුනන බැවින්  දඩුවම් මාරුවක් දීමටත් ඔහු මැලි වුණා. මේ නිසා අනුරාධපුර නගරට ආසන්න මොරකඩවල විදුහලට මාරුවක් දි තිබුණා.

එහි ප්‍රධානයා වූයේ වැ.බ.වි.ප කෙනෙක්. ඒ කියන්නේ වැඩ බලන විදුහල්පති වරයෙක්; එයා පුහුණු. ඒත් පාසලේ හිටියා පුහුණු උපාධිධාරින් තිදෙනෙක්. ඒ උගත් කමට යටයි මන්ත්‍රීගේ කිරිපල්ල කැපීම. එයාගෙ බිරිඳත් රැකියාවට ආවේ රැයක් තිස්සේ කරණ ලද පරීක්ෂණයකින් බව දූෂමානයේ කියැවුණා.

කොහොම වුනත් වැ.බ. තමන්ට ඉහළ සැමටම සර්කියා අමතන්නටත් නොයෙක් විට උපදෙස් ගන්නටත් පසුබට වුනේ නෑ. ඔහු ගමේම අයෙකු නිසාත් හිස උදුමවා ගත්තෙකු නොවුන නිසාත් අපත් නිතරම ඔහුට තැන දුන්නා. දෙමාපියන් අතර පවා ඔහුගේ කීර්ති ඝෝෂය පතුරුවා හරින්නට වග බලා ගත්තා.

අත්‍යවශ්‍ය කටයුත්තක් සඳහා කාර්යාලයට ගියා. මෙන්න බොලේ ඇල්ල වැවට ආපු මා.අ.නි.; මාත් ඇසුවා කොහෙමද සර් සැප සනීප?කියා.

විපුලයෝ විපුලයෝ උඔ තමයි දවසකටවත් මිනිහාඔහු කියාපි.

ඇයි සර්විපුලසේන සර් මීට ඉස්සර අඳුනනව ද?”

අඳුනනවද? මාත් මිනිහා ගැන හොඳට අඳුනගත්තෙ මේ ළඟ දි. උඹ නං බං පුදුම මිනිහෙක් ... ...

ඇයි සර් මොකද වුණේ?”

කියන්ටත් ලැජ්ජයි. මෙයා ගමන් වියදම් දිමනා ඉල්ලලා වවුචරයක් ඉදිරිපත් කරල තිබුණා. E.O. මෙයාත් එක්ක මොනව හරි හුටපටයක් වෙලා තියෙනවා. මං එතකොට එහෙනෙ වැඩ. E.O. දුන්නා ලිපි ගොනුව මෙයා ඇත්තටම පදිංචි වෙලා ද බඩු ඇදලද අඩුවක් තියෙනවද කියල වාර්තාවක් ඉදිරිපත් කරන්ට. මාත් ගියා. මෙයාගෙ මොටෝ සයිකලේ යන්ට කතා කරණකොට තෙල් නෑ කියාපි. තෙල් ගහන්ට රුපියල් සියක් දුන්නා. මං හිතුවෙ ලීටරයක් විතර ගහයි කියල. ඉතිරි සල්ලි දුන්නෙත් නෑ. පදිංචි ගේ බලන්ට ගියා හැතැප්ම හතරක් විතර. මගදිම නෝන හම්බ වුණා. ඒ ගෑණි ඇඟට කඩා පැනපු හැටියට මං බය වුණා. ගෙදර යං කියල මූ කීවත් මං කීවා මොන ගෙවල් ද යමං පණ බේරගෙන කියල. ඒ අස්සෙ මෙයා කියනවා පදවිය පාරට හැතැප්ම දෙකයි ඕන තරම් බස් තියනවා එහෙන් යමුද කියල. ආය රවුමක් යන්නෙ මොකටද කියල මාත් හා කිවා. හැතැප්මක් ගියේ නෑ සයිකලය කැඩුණා. ස්ටාට් වෙන්නෙ නෑ. ඒ පාර මූ කියනවා තව ටික දුරයි නෙ පයින් යන්ට කියල. මාත් ගියා - ගියා, ඔන්න බයිසිකල් කාරයෙක් ඔය අතරෙ ආවා. එයා යන්නෙත් බෝගස් හන්දියට. මං ඒ මනුස්සයට වෙච්ච සිද්ධිය කීවා. ඒ මිනිහා කියාපි මං දැක්කනෙ ඒ මහත්තයා කදිමට ගියේ බයිසිකලයේ නැගලනෙ. මං මගදී සුනංගු වෙලානේ මේ එන්නෙ කියාපි.”

අර පයින් යන්න කියපු එකයි වැරැද්දඒ වැ.බ.ගේ අදහස.




"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll