“ඇන්නෑ පයින් යාමක් ගැන කතා කරණවා. මනුස්සයෝ මේ යකා මට පෙන්නලා තියෙන්නේ
ගමේ වෙන ගෑණියෙක්, තමුන්ගෙ ගෑණි විදියට. අර පෙට්‍රල් නෑ
කිවුවෙත් බොරුවට. මගෙන් සල්ලි කඩා ගෙන කෙළින්ම ගියා පදිංචි වෙලා ඉන්නවා කියපු ගමට.
ඒකෙ ඇඟපත රුව ලස්සන තියෙන ගෑණියකට කීවා මෙහෙම කෙනෙක් එක්ක එනවා ඔයාට කරන්ට
තියෙන්නේ පාරෙදි මට නොසෑහෙන්ට බනින එක විතරයි මෙන්න ඒකට සල්ලි කියල රුපියල් සීයක්
දුන්නා. ඕක නේද උඹ කෙරුවෙ?” කියා මා.අ.නි. මගෙන් ඇසුවා.
“කවුද සර්ට ඕක කිව්වෙ?”
“කිව්වෙ ඇල්ල වැවේ විදුහල්පති”
පියසෝම
හෝ රත්නා ගැන නො කියා වෙනත් එකියක් ඈඳා ගැනීම ගැන තට්ටයාට හිතෙන්
ස්තූති කළා.
“ඒක
නොවෙයි විපුලෙ උඹට මං ඉස්කෝලයක් දෙන්නම්. ගමන් වියදමුත් දෙන්නම්. ආයෙ
අනුන්ගෙ ගෑණු පෙන්නන්ට ඕනෙ නෑ. කිරි, දී කිරි, දඩමස් වකාරෙට. හැබැයි පුතෝ හැතැප්ම දහ අටක් යන්ට තියනවා. වැස්සොත් බස්
නෑ, වාහන මොකවත් යන්නෙ නෑ. දහ අටම පයින් තමා. පුළුවන්නම්
හදල ගනින් දෙන්ට පුළුවන් උපරිම සහයෝගය දෙන්නම්. වැඩි කල් නො වෙයි එක අවුරුද්දකට.
උඹට බැරි නම් මං ගන්නවා ටවුමට. මොකද කියන්නෙ?”
“යෝජනාවත් නරකම නෑ. ගොවිතැන් කරන්ට ඉඩ කඩ තියෙනව ද?”
“අපොයි ඔවු පාසල් වත්තම අක්කර දහයක්. හැබැයි එහෙ කුඹුරු නෑ. ජයටම කෙරෙන්නේ
බඩ ඉරිඟුයි උඳුයි.”
“මොන තත්වයේ පාසලක් ද?”
“දහයට යනකල් පන්ති තියනවා. හැබැයි දැනට ඉන්නෙ ගුරුවරුන් දෙන්නයි.”
“ළමයි කොච්චර විතර ඉන්නව ද”
“දෙසීයක් විතර”
“ඉතින් පන්ති දහයක් ගුරුවරුන් දෙන්නෙකු ගෙන් කරන්නෙ කොහොම ද?”
“ඇත්තම කියන්නම්කෝ උන් දෙන්නට පාසල ගැන කිසි හැඟීමක් නෑ. යන යන එකාට
මාරු වෙලා යන්ට වැඩ සිද්ද කරණවා. උන් කරන්නේ මස් වේලලා විකුණන එක. දවසක් අපි යන
කොට මිදුලේ මැස්සක ගිනි ගහමින් මස් වේලනවා.”
“හොඳයි මං ගියාම කියමුකෝ. ප්‍රමාණවත් ගුරුවරුන් දෙනව ද?”
“අනිවාර්යයි.”
“හරි එහෙම නං මං යන්නං; හැබැයි අවුරුද්දකට”
“අද ම මං ස්ථාන මාරුව තැපැල් කරන්නම්”
නිලධරයෙකු
රාජකාරී අවශ්‍යතා මත කළ එකම ස්ථාන මාරුව ඕක තමයි. අනික ඒකත් වැඩ බලන විදුහල්පති
කමක්.