353. Principal ග්‍රේඩ් වන් | සත්‍ය කතාවක්

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


රූස්ස ගස් කොළං සහිත ගන වනාන්තරයක් මැදින් යතුරු පැදිය ධාවනය වෙයි. බොරළුවත් නො දැමූ මැටි පාරේ වල ගොඩැලි මතින් කෙරෙණ ගමන අති දුෂ්කරය. ගමන් අතර මගදී මෙය ඉල්ලා කෑමකැයි සිය දහස් වරක් සිතිණි. කාර්ය භාර විදුහල්පති ලෙස පත් කරණු ලැබූ ලිපිය බෑගයේ ඇත. පට්ටම් නොව කුමක් හෝ සේවයක් කරන්නට ඇත්නම් යන හැගීම හිතේ නළියනවා. මේ ගම්වල සිටි අයත් පදිංචි කරුවන් වබට සාක්ෂිය තමා තැන තැන අටවා ගත් පැල් කොට. සිසුන් තිහ හතලිහක් සිටි පාසලක් අතර මග දී දැක ගත්තා. එහි විදුහල්පති සමග කතාකර යාම වැදගත් බව සිතුණ නිසා පාසලට ගියා. විදුහල්පති පුටුවේ දිගෑදී සිටියේ. වෙනත් ගුරුවරුන් නෑ. ඔහු බුම්මන්නෙකු වගේ මා දෙස බැලුවා. එය කටුබෝගම පාසල බව පසුව දැනගත්තා.

ආයුබොවන්ඩ! මං වීරමලේ පාසැලට යනවා වැඩ භාරගන්න.

විදුහල්පති වශයෙන් ද?”

ඔව්

අපේ ගම්, දහදුක් විඳගෙන අපි ඉන්නෙ. වීරමලේ ඉඳල හැතැප්ම හතක් මං පදින්ට ඕනෑ.”

ඒක ඉතින් මට කියල හරියනවයැ. සුදුස්සන්ට කියල හදා ගත්තට මට කමක් නෑ. මාත් ආවෙ කැමැත්තකින් නො වෙයි

ඔහු කතාවට වැටුණේ නෑ. ඉන්න එකේ තේරුමක් නැත් නිසා මං මගේ ගමන ගියා.

පාසලට පය තැබුවත් ඉන්නවාය කියු ගුරුන් දෙදෙනාවත් නෑ. ළමයින් පමණක් ඔහේ වැන්නට හිටියා. වරිච්චියෙන් බැඳි පරණ ශාලාව පිටුපසින් දුමක් නගිනවා. හත්වලාමෙ දෙවියන්ට ම ඔප්පු වෙච්චාවෙ ගුරාලා දෙන්නා දාඩිය දෙකන්සයෙන් දාගෙන මස් මැස්සට ගින්දර දානවා. මේ මස් වැද්දන් එක්ක මොන සමයං ද කියලයි මට හිතුණෙ.

වැඩ භාර ගත්තා. ඒ ගමන් ම දුන්නා උපදේශය තමයි පාසල් රාජකාරී කාලය තුල මස්වේළීම නො කළ යුතු බව. එම තිරණයට එරෙහිව නොයෙක් දේ ඔවුන් කීවා. ඒකට මං දුන්න පිළිතුර මෙහෙමයි.

ඔය මහත්වරුන්ගේ පැත්තෙන් සාධාරණ වෙන්ට පිළිවන්. ඒත් මේක පාසලක්. මං මෙතැනට එව්වෙ දේශපාලන අධිකාරියෙන්. හේතුව දුර්වල ම පාසල් දියුණු කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති නිසා. මගේ තීරණයට අනුකූල වෙන්ට බැරිනම් තමුන්ලාට මෙහෙන් යන්ට සිදු වෙවි. තව සතියකින් දෙකකින් ගුරුවරුන් කීප දෙනෙකු ලැබේවි. එවිට ඔය අයට විවිධ ප්‍රශ්නවලට මුහුණ පාන්නට සිදුවෙයි. මෙහෙ ඉන්නවාද යනවාද කියන තීරණය තියෙන්නේ ඔබ අතේ.”

 සොඳුරු ගල් තලාවක් මත පිහිටි බෝධියක් හා චෛත්‍යයක් පාසල ඉදිරි පිට. ලංකා ඉතිහාසයට ආලෝකයක් ලබා දුන් සිද්ධස්ථානයක්. විහාරාධිපති හිමියන් අල්පේච්ඡ ජීවිතයක් ගත කරන්නෙක්. හද්ද කැලෑවෙන් වැසුන පුද බිම ස්ව උත්සාහයෙන් එළිපෙහෙළි කර ඇත්තේ කාගෙවත් ආධාර උපකාරයක් නැතිව. එයින් නො නැවතුන යතිවරයන් වහන්සේ පන්සල වටා ගම්මාන රාශියක් ආරම්භ කරලා. ඒ වායෙහි පදිංචි වූවන් සඳහා වැව් පවා හදවලා. උන්වහන්සේම තමා මේ පාසලත් හදවලා රජයට භාර දීලා තියෙන්නෙ. දුෂ්කර කමත් දුර බැහරත් නිසා නිලධරයන්ගේ අවධානයට නිසි පරිදි යොමු වෙලා නෑ. මේ නිසා එන ගුරා රාජකාරිය බල්ලට දමා යමක් කමක් හරි හම්බ කරගන්නට තමා වැර වීරිය යොදල තියෙන්නෙ.

මං හැන්දෑ මානයේ ගියා පන්සලට හාමුදුරුවන් මුන ගැහෙන්ට. පළමුව වැද නමස්කාර කළා.

මේ මහත්තයා කව්ද?” උන්වහන්සේ ඇසුවා.

අවසර හාමුදුරුවනේ! අද මං මේ පාසලේ විදුහල්පති වශයෙන් වැඩ භාරගත්තා.

අනේ හොදයි! බොහොම හොඳයි! පාසලේ දියුණුවට ගන්න ඕනෑම තීරණයකට මං ඉන්නවා

මං අද එනකොට පාසැලේ ළමයි; ඉන්න එවුන් දෙන්නා මස් වේලනවා. මට ‘චිඃ!’ කියල හිතුණා

ඔය විතරක් නො වෙයි මහත්තයෝ, ඔයිට වැඩිය දේවලුත් වෙනවා. ඔය වේලන මස්වලින් කොටසක් කන්තෝරුවේ ලොකු ලොක්කන්ටත් යනවා. ඒකනෙ කවුරුත් හොයා බලන්නෙ නැත්තෙ.

අපෙ හාමුදුරුවොත් එක්ක දේශපාලන සම්බන්ධතා තියෙනව ද?”

පලාතෙ විතරක් නොවෙයි ජනාධිපති අගමැති පවා මං ගැන දන්නවා




"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll