70. හිතෝපදේශය | 02 | බල්ලගෙ වැඩේ බල්ලට, බූරුවාගෙ වැඩේ බූරුවට

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

එ පමණක් නො වෙයි දේවයිනි, පැරණියන් අනුගමනය කළ පාලන උපදේශාවලිවල මෙහෙමත් දක්වා තිබෙනවා:

යමක් ලබන්නට අයිතියක් ඇත්තේ ලැබෙන දෙයෙහි වටිනාකම දන්නා අයෙකුට පමණයි. එවිටයි වස්තුවත් පුද්ගලයාත් බබළන්නේ. අශ්වයකු දිය යුත්තේ ප්‍රවීණ අශ්වාරෝහකකුට. කඩුවක් තිබිය යුත්තේ ඛඩ්ග ශිල්පයෙහි හසළයෙකු ළඟ. වීණාවක හිමිකරුවා දක්ෂ වාදකයකු විය යුතුයි. මිනිසකුගේ දක්ෂතාවයන්ගෙන් වැඩ ගත හැක්කේ පුද්ගල තරාතිරම මැන ගත හැකි අයට. ස්ත්‍රියක දීග දිය යුත්තේ ඇගේ ආශාවන් මනා සේ තෘප්තිමත් කළ හැකි මිනිසකු සමග. ඔන්න ඔය ආකාරයෙන් ස්වාමීනි සුදුසු අය අතට ඊට අනුරූප දේවල් ලැබුණොත් පමණයි සැබෑ කාර්ය සිද්ධියක් ම ලැබිය හැක්කේ.

දේවයන් වහන්ස! එපමණක් නො වෙයි. තවත් අතුරු ව්‍යවස්ථා අ. ඇ. ඉ. උ. වශයෙන් දක්වා තිබෙනවා. මෙන්න එයින් එකක්:

පුද්ගලයා යහපත් ශික්ෂාකාමී ගුණ ගරුක විය හැකියි. එහෙත් පවරණ ලද කාර්යයන් පිළිබඳව දැනුමක් පරිචයක් නැත්තෙකු නම් අපේක්ෂිත ලාභ ප්‍රයෝජන ලබා ගත හැකි ද? පුද්ගලයා ශක්තිමත්, ඒත් කරන්නෙ ම කටයුතු නීති විරෝධී ක්‍රියා නම්, පාලනයට ඔහු පත්කර ගැනීමෙන් පලක් වේ ද? ඒත් දේවයන් වහන්ස, ඔබ වහන්සේගේ ගැත්තෙකු වන මං දමනක ඇවිල්ලා ශක්ති වන්තයෙක් ඒ වගේ ම භක්ති වන්තයෙක්. එහූ මාව හෙළා දැකීම, කොන් කිරීම, නො සලකා හැරීම තමුන්නාන්සේ වැනි රාජාධිරාජයෙකුට සුදුසු වූවක් නම් නො වේ.

එයට හේතුව මෙන්න මේ අතුරු ව්‍යවස්ථාවෙන් මනා ලෙස පෙන්නුම් කර තිබෙනවා:

පාලක ස්වාමීන් තම සේවකයන් නිතර දෙවේලේ හෙළා නො දැකිය යුතු යි. පරිභවයට නින්දාවට පත් නො කළ යුතුයි. කුමක් ද එයින් සිදු වෙන්නෙ? සේවකයන්ගේ මොළ හා කැවුතු මඤ්ඤං වීමයි. ඒ නිසා සියලු රාජකාරි අවුල් වෙයි. අතපසු වෙයි. එය මඤ්ඤං වූ සේවකයන් හිතාමතා ම කරන දෙයක්. බුද්ධිමතුන් රාජ්‍ය සේවය අතහැර දමා යාමත් එ මගින් සිදු වේ. බුද්ධිමතුන්ගෙන් හීන රජයක දූෂණ භීෂණ අක්‍රමිකතා දිනෙන් දින ඉහළ යනවා. නීතියට රීතියට එකඟ නැති නියෝග චක්‍රලේඛ වැහි වහිනවා. ඒකෙන් මේකෙන් සිදු වන්නේ රට ම අගාධයට යාම. ණයකරුවන් බවට පත් වීම.

රටක් පරිහානියට පත් කෙරෙන හේතු කාරණා තවත් මහා රාශියක් පාලන තන්ත්‍රය පිළිබඳව පරීක්ෂණ නිරීක්ෂණ කළ මහා ප්‍රාඥයන් දක්වා තිබෙනවා. මෙන්න එයින් උධෘතයක්:



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll